මේ කියන්න යන්නේ ඔබ මග බලා සිටි පණිවිඩයක්..
අස්වැන්න සාරවත් කරගන්න වගේම ඉහළ ආදායමක් ලබාගන්නත් මේ දේවල් ඔබට අත්‍යාවශ්‍ය වේවි..
රබර් වගාකරුවන්ටත් රුපියල් 4000ක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ මෙරට රබර් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් රජය මෙම සහනාධාරය ලබා දෙන බවයි..
ඒ අනුව එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබාදීමට පියවර ගෙන තිබෙනවා.. මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය මඟින් කරුණු පෙන්වා දී තිබෙනවා..
ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇති අතර, මෙම කරුණු සැලකිල්ලට ගනිමින් රබර් වගාව සඳහා යොදන කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරාට උපදෙස් දී තිබුණා...