ඒ මෙම තරගය ලකුණු 110කින් ජය ගැනීමත් සමගයි.
තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් රැස් කර ගත්තා.
ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අදත් ආරම්භක පිතිකරුවන් අගනා ආරම්භයක් ලබා දුන් අතර පළමු කඩුල්ල වෙනුවෙන්
ශ්‍රී ලංකාව ලකුණු 89ක් අගනා ලකුණු පුවරුවක් ගොඩ නැගුවා.
එහි දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් වටිනා ලකුණු 45ක් රැස් කළ අතර අතර ඔහුගේ අනෙක් අන්තයේ සගයා වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් රැස් කර ගැනීමට සමත් වුණා.
කුසල් මෙන්ඩිස් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 59ක් වාර්තා කළ අතර කමිඳු මෙන්ඩිස් වටිනා ලකුණු 23ක් රැස් කළා. මෙහිදී කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑම දැඩි ලෙස කතාබහට ලක්වුණා.
ඒ අනුව ගොඩනැගුණු ලකුණු 248ක ශ්‍රී ලංකා ඉනිම ට පිළිතුරු වශයෙන් ක්‍රීඩා කළ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 01කදී දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138ක් පමණයි.
එහි දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා ලකුණු 35ක්, විරාත් කෝලි ලකුණු 20ක් හා වොෂින්ටන් සුන්දර් ලකුණු 30ක් රැස් කළා.
ඔවුන් තිදෙනා හැර එකදු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු බලඇණිය වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව වාර්තා කළ එක්දින තරගාවලි ජය වාර්තා කිරීමට සමත් වුණා.
මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු 05ක් ලබා ගත් අතර ජෙෆ්‍රි වැන්ඩසේ සහ මහේෂ් තීක්ෂණ අතරේ කඩුලු 02ක බැඟින් බෙදී ගියා.
මෙම තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබූ අතර තරගාවලියේ වීරයා වූයේ දුනිත් වෙල්ලාලගේ.
මෙම තරග ජයත් සමග විස්සයි විස්ස තරගාවලියක අමිහිරි පරාජයකට මුහුණ දී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසුම් සුසුම් හෙළිය හැකි ජයග්‍රහණයක සතුට විඳින්නට හැකියාව ලැබුණා.