මොවුන්ට සිදුවුණේ කුමක්ද..?
බොහෝ දෙනෙක් ඒ ගැන කතා වුණේ ඇත්තටම මේ දරුවන්ට කරදරයක් සිදුවෙලාද කියන චකිතය හිතේ තියාගෙනයි..
පසුගිය මස 14 වැනිදා අතුරුදන් වූ මේ දරුවන් ගැන මෙන්න අද වාර්තා වුණ අලුත්ම තොරතුර ගැනයි මේ කතාව..
තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස 14 දින සිට අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොළක සිටියදී 04 වැනිදා දින පොලිස් භාරයට ගත් බව තලවකැලේ පොලිසියේ පවසනවා..
මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳු සකස් කරන කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇති බවත්, එම සිසු සිසුවියන් අවුරුදු 14 සහ 16 වයස් කාණ්ඩ පසුවන ළමුන් නිසා ඔවුන්ව කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය විසින් රැකියාවකට බඳවාගෙන නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා..
අතුරුදහන්ව සිටි එම සිසුවියන් තිදෙනා සහ සිසුවාගේ එක් ඥාතියකු එම කුරුඳු කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිට තිබෙනවා.. අනුව මෙම සිව්දෙනා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳු කර්මාන්ත ශාලාවක රැකියාවට ගොස් ඇති බවට කරන මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා..
රැකියාව නොලැබුණු නිසා එම සිසුන් පිරිස එම කර්මාන්ත ශාලාවට අයත් නේවාසිකාගාරයක මාසයකට ආසන්න කාලයක් රැඳී සිට ඇති අතර, මොවුන් සිව්දෙනා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද තලවකැලේ පොලිසිය පැවසුවා..
මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවා නිවසේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් රැකියාවක් සොයාගෙන නිවසින් පැන ගොස් ඇති බව එම වතුයායේ පදිංචිකරුවෝ පැවසුවා..
![](https://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2024Aug/06/756756.jpg)
දිවයින ඇසුරෙන්...