ඔහුගේ මරණය සිදුවී අදට හරියටම මාසයක් ගෙවී ගිහින්..
ඊයේත් මේ මරණය සම්බන්ධයෙන් ආයෙත් කතා බහට ලක්වුණේ ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන්ට ලැබුණු අධිකරණ තීන්දුවත් සමඟයි..
ඒත් අද වෙනකොට ඒ ගැන ඇසෙන්නේ වෙනස්ම කතාවක්...
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් මේ කතාබහ නිර්මාණය වෙලා..
ඒ ගැන පර්‍යේෂණ පැවැත්වීම සඳහා හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ සාක්ෂි සටහන්කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා..
මෙම පරීක්ෂණ නුගේගොඩ පොලිස් කොට්ඨාසය මගින් සිදුකරන බවයි පොලිසිය පවසන්නේ..
අදාල දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට අනාවරණය වූ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පොලීස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ...