අතුරුගිරිය ටැටූ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ පසුගිය 8 වැනිදා සිදුවූ වෙඩි තැබීම තවමත් ආන්දෝලනකයට තුඩදුන් මාතෘකාවක් බවට පත්වෙලා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවයි..
මෙම සිද්ධියට සම්බන්ධ දුලාන් සංජුල ඇතුළු සැකකරුවන් 10 දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා...
සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආවේ විශේෂ ආරක්ෂාවක් යටතේයි...
එහිදී අතුරුගිරිය ද්විත්ව ඝාතනයට සම්බන්ධ ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 10 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.. ඒ, අගෝස්තු 20 වැනිදා දක්වා බවයි අප වාර්තාකරු සඳහන් කළේ..