මේ කියන්න යන්නේ, බදුල්ල නගරයේ කැප්පෙටිපොළ මාවතේ දී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරක් ගැනයි..
මෙම මාර්ගයේ විශාල මාරගසක් මෝටර්රථයක් මතට කඩා වැටීමෙන් මෝටර් රථය ට දැඩි ලෙස අලාභහානි සිදුවී තිබුණා..
එසේම මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පවසනවා..
බදුල්ල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ බදුල්ල කැප්පෙටිපොළ මාවතේ මාර්ගය අසල තිබූ මෙම ගස කඩා වැටී ඇති බවයි..
එම ස්ථානයේ මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර්රථයක් මතට ගස කඩා වැටී ඇති අතර , එම අවස්ථාවේ මෝටර්රථය තුළ කිසිවෙකු නොසිටි හෙයින් මින් කිසිවෙකුට හෝ අනතුරක් සිදු ව නැතැයි පොලිසිය සදහන් කර තිබුණා..
