Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
03
ඔබේ මුහුණේ දීප්තිය Blackheads නිසා නැතිවෙලාද..? එහෙනම් ඒකට ගෙදරදීම විසඳුම් සොයමු..

- ඔබේ මුහුණේ දීප්තිය Blackheads නිසා නැතිවෙලාද..? එහෙනම් ඒකට ගෙදරදීම විසඳුම් සොයමු..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
සමහර විට ඔබත් මේ ගැටලුව නිසා පීඩාවට පත් වූ කෙනෙක් වෙන්න පුළුවන්..

ඒ නිසා මේ කියන්න යන කතාව ඔබට ගොඩක් වැදගත් වේවි..

black heads නිසා ඔබේ මුහුණේ දිදුලනබව නැතිව ගිහින්ද...?

බොහෝ දෙනෙක්ගේ සම මතුපිට ඉතා ඉක්මනින් black heads ඇතිවන අතර ඒවා ඉවත් කිරීම ඔබ රූපලාවන්‍යාගාර වෙත යන්න අවශ්‍යම නැහැ..

ඉතින් බටත් දැන්න නිවසේදීම blackheads ඉවත් කර ගන්න පුළුවන් ක්‍රම මොනවද..?

Egg mask

black heads සඳහා අතිශයින්ම ඵලදායි පිළියම් අතර ප්‍රධානතම තැනක් ගන්නා පිළියමක් ලෙස මෙය සැලකෙනවා. එය ඔබේ සම ගැඹුරට කා වැදී එහි තැන්පත් වී ඇති තෙල් සහ කුණු ඉවත් කරනවා. ඒ වන විටත් ඇතිවී තිබෙන බ්ලැක් හෙඩ්ස් ඉවත් කරමින් නැවත බ්ලැක් හෙඩ්ස් ඇති වීමද මෙම මාස්ක් එක මගින් පාලනය කරනවා.

මාස්ක් එක භාවිතා කරන ආකාරය

බිත්තර සුදු මදයක් ගෙන හොඳින් බීට් කර ගන්න. එයට ලෙමන් යුෂ බින්දු දෙකක් හෝ තුනක් එකතු කර ගෙන නැවත බීට් කරගන්න. ටිෂූ කඩදාසියක් ගෙන ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ්ස් ඇති තැන තබා ෆේශල් බ්‍රෂ් එකක් ආධාරයෙන් සකස් කරගත් බිත්තර සුදු මදය ආලේප කරන්න. එය විනාඩි පහළොවක් පමණ වියළීමට තබා සම තද බව දැනෙන විට ටිශූ කඩදාසිය ඉවත් කරන්න. ඉන්පසුව මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ටෝනර් එකක් ආලේප කරන්න.

Green tea mask

green tea වලින් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ බොහෝමයක් තිබෙන බව ඔබ දන්නවා.මෙය බ්ලැක් හෙඩ්ස් සඳහා ප්‍රතිකාර කිරීමටද යොදා ගන්නා බව බොහෝ දෙනා දැනුවත් නැහැ. ග්‍රීන් ටී ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් වන අතර එය අතිරික්ත තෙල් සහ අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමට බෙහෙවින් උපකාරී වනවා.

මාස්ක් එක භාවිතා කරන ආකාරය

උණු වතුර කෝප්පයක් ගෙන එයට ග්‍රීන් ටී බෑගයක් බහා විනාඩි තිහක් හතළිහක් අතර කාලයක් තබන්න. තේ බෑගය ඉවතට ගෙන එය සිසිල් වීමට ඉඩ හැර විවෘත කරන්න. බෑගය තුළ ඇති තේ කොළ වලට මී පැණි ස්වල්පයක් එකතු කර මිශ්‍රණයක් සකස් කරගන්න . මෙය පිරිසිදු කර ගත් සම මත හොඳින් ආලේප කර විනාඩි දහයක් පහළොවක් අතර කාලයක් තබන්න. ඉන්පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හැර ටෝනර් එකක් ආලේප කරන්න. සතියකට දෙවතාවක් පමණ මෙම සත්කාරය සිදු කරන්න.

Turmeric and honey mask

කහ සහ මී පැණි යනු ඔබේ සම අභ්‍යන්තරයෙන්ම පිරිසිදු කරමින් සමට පෝෂණයක් ලබා ගත හැකි අමු ද්‍රව්‍ය දෙකක්. ඒ වගේම කහ මගින් සමේ විවිධ තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීමට සිදු කරනවා.විශේෂයෙන්ම සමයේ අතිරික්ත තෙල් නිෂ්පාදනය පාලනය කිරීමටත් කහ වලට හැකියාව තියෙනවා.

මාස්ක් එක භාවිතා කරන ආකාරය

කහ කුඩු මේස හැඳි එකකට මී පැණි මේස හැඳි එකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.මෙහි ඝණත්වය අඩු කර ගැනීම සඳහා ඔබට මද උණුසුම් ජලය බිංදු කිහිපයක් එකතු කරගත හැකියි. ෆේශල් බ්‍රශ් එකක් ආධාරයෙන් මෙම මිශ්‍රණය පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර ගන්න. එය විනාඩි දහයක කාලයක් මුහුණේ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කර ටෝනර් එකක් ආලේප කරන්න.

Cinnamon an honey mask

පිරිසිදු කිරීමෙහි සහ ප්‍රතිබැක්ටීරිය ගුණවලින් පොහොසත් කුරුඳු සම මත නිෂ්පාදනය වන අතිරික්ත තෙල් වලට සහ අපිරිසිදුකමට එරෙහිව සටන් කරනවා. මී පැණි මගින් සම ගැඹුරින් පෝෂණය කර සමට තෙතමනය එකතු කරනවා. බ්ලැක් හෙඩ්ස් සඳහා භාවිතා කළ හැකි ෆේස් මාක්ස් වලින් හොඳම ප්‍රතිඵල ගෙන දෙන ෆේස් මාස්ක් එකක් එකක් ලෙස මෙය සැලකෙනවා.

මාස්ක් එක භාවිතා කරන ආකාරය

කුරුඳු කුඩු මේස හැඳි එකක් සහ මී පැණි මේස හැඳි තුනක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.එය පිරිසිදු කරගත් මුහුණ මත ආලේප කරන්න.කුරුඳු කුඩු කම්මුල අවට සහ ඇස් අවට ප්‍රදේශයේ ආලේප කිරීමෙන් වළකින්න. එය මුහුණේ වැඩි වශයෙන් තෙල් නිෂ්පාදනය කෙරෙන T ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි දහයකට පමණ පසුව පිරිව ඇති අපරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මඳ උණුසුම් ජලයෙන් මුහුණ තෙත් කර රවුම් චලිත ආකාරයෙන් මුහුණ සෝදා ගන්න.

ඉතින් ඔබටත් පුළුවන් දැන් නිවසේදීම මේ දේවල් අත්හදා බලමින් ප්‍රතිඵල අත්විඳින්න..

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top