තාත්තෙකුට මේ ලෝකේ වැඩියෙන්ම වටින්නේ තමගේ දරුවෝ .. මේ තාත්තාට කියලත් ඒක වෙනසක් නැතුව ඇති..
ඒත් මේ කියන්න යන්නේ කවුරුත් නොහිතන අවසානයක් ඉතිරි වුණ කතාවක්..
ඊයේ ඇසුණු මේ කතාව නම් ඇත්තටම ගොඩක් සංවේදී එකක්... යතුරුපැදියක් අනතුරට ලක්කර 7 හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත්කර තිබෙනවා..
ලොරි රථය රියදුරු සමග ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසනවා..
බලන්ගොඩ පොලිස් බල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා..
බලන්ගොඩ නගරයේ දි මෙම ලොරි රථ රියදුරු විසින් යතුරුපැදියක ලොරි රථය හප්පා හත් හැවිරිදි දැරියකට තුවාල සිදු කර පලා ගොස් තිබුණා..
පසුව එම දැරියගේ පියා සිය යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති දොරට නැග රියදුරු බස්සවා ගැනිමට උත්සාහ කර තිබුණ අතර එහිදී ලොරි රථ රියදුරු විසින් ලොරි රථය විදුලි කණුවක හප්පා එම පියා මරණයට පත් කර පලාගොස් තිබුණා..
ඒ අසල නිවසක සවිකර තිබුණ සිසිටිවි දර්ශන පරික්ෂාකර ලොරි රථය හදුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා..
සැකකරු අද බලන්ගොඩ වැඩ බලන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා..