පසුගියදා 20-20 තරගාවලිය පරාජය වුණායින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩාලෝලීන්ගෙන් එල්ල වුණේ එතරම් හොඳ ප්‍රතිචාර නම් නොවෙයි.
ක්‍රීඩාංගනයට වටා එකතු වී සිටි ක්‍රීඩාලෝලීන්ගේ හූ සංග්‍රහයන් ලැබෙද්දී තරගයෙන් පසුව හරි අපූරූ සිදුවීමක් දකින්නට හැකියාවක් ලැබුණා.
ඒ පසුගිය දිනවල ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගෙන් මේ ආකාරයටම ප්‍රතිචාර ලද හර්දික් පාණ්ඩ්‍යා හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමග කතාබහක යෙදෙන ආකාරයයි.
මේ දිනවල දසුන් අසාර්ථක වී සිටින අතරම ක්‍රීඩාලෝලීන්ගෙන්ද දැඩී අයහපත් ප්‍රතිචාර ලබන ආකාරයේ වීඩියෝ පට සමාජ ජාලා හී පැතිර යනවා.
කෙසේ නමුත් ඔහුට ආදරය කරන ක්‍රීඩාලෝලීන් නම් කියන්නේ දසුන්ට කතා කරන්න හම්බුණේ හොඳම මනුස්සයා කියලයි.
මොකද ඔහුත් පසුගිය කාලයේම පසු කළේ මේ ආකාරයේම අපහසු කාලයක් නිසාවෙන්.