ඉන්දීය ප්‍රිමිය ලීගයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකාරිනිය අපූරූ ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ IPL කණ්ඩායම් හිමිකරුවන් සහ BCCI බලධාරීන් අතර පැවති සාකච්ඡාවකදියි.
ඇය ඉල්ලා ඇත්තේ ආබාධයකින් හැර වෙනත් කිසියම් හේතුවක් නිසා හෝ මෙගා වෙන්දේසියට ඇතුළත් නොවන හෝ මිලදී ගැනීමෙන් පසු පෙනී සිටීමට අපොහොසත් වන විදේශීය ක්‍රීඩකයින් හට තරග තහනම් කළ යුතු බවටයි.
මේ වසරේ පැවති තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් මිල දී ගත් වනිඳු හසරංග හට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.
ඒ ආබාධ තත්වය හේතුවෙන් නිසාවෙන්.
Cricbuzz විසින් වාර්තා කර ඇති පරිදි, ආබාධයක් හේතුවෙන් IPL 2024 තරඟාවලියෙන් ඉවත් වූ වනිඳු හසරංග සම්බන්ධයෙන් SRH දැඩි කලකිරීමට පත් වී ඇති බවට සඳහන්.
බොහෝ දෙනෙකු විශ්වාස කර තිබුනේ ඔහු තරගාවලියට සහභාගී නොවුණේ රුපියල් කෝටි 1.5 ක අඩු ලංසුවක් ලබා ගැනීම නිසා බවයි.
ඊට පෙර RCB සමඟ ඔහුගේ වැටුප ඉන්දීය රුපියල් කෝටි 10කට වඩා වැඩි වී තිබුණා.
“වෙන්දේසියට තේරී පත්වීමෙන් පසු ආබාධයකට ලක්වීම හැර කිසියම් හේතුවක් නිසා ක්‍රීඩකයෙක් වාරය ක්‍රීඩා කිරීමට නොපැමිණියේ නම් ඔහුට තරග තහනමක් පැනවිය යුතු බව පැවසූවද ඇය වනිඳු හසරංගගේ නම නම් කර තිබුණේ නැහැ.