ඇය කාලාවට උපන් හපන්කම් ඇති ශිල්පිනියක්..
ඒ නිසාම ලෝකය පුරා බොහෝ රසික ප්‍රජාවක් ඇය වෙත නිර්මාණය වෙලා..
ඒත් අද ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නේ දුකෙන්.. මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන කණගාටුදායක කතාවයි..
නයිජීරියානු ජාතික ප්‍රවීණ සංගීතඥයෙක් සහ රංගන ශිල්පිනී ඔනේකා ඔන්වේනු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා..
ඇය ජීවිතක්ෂයට පත්වන විට 72 හැවිරිදි වියේ පසුවුණු බවයි සඳහන් වන්නේ..
විදෙස් මාධ්‍ය පවසන්නේ සිය වෘත්තිය ජීවිතයේ දී ඇය ජනප්‍රිය ගීත මාලාවක් නිෂ්පාදනය කර ඇති අතර, ඉන් 'One Love' නම් ගීතය වඩාත් ජනප්‍රියට පත් වී ඇති බවයි..
ඇය පසුගිය 30 වැනිදා උපන්දින සාදයකට සහභාගී වෙමින් සිටියදී ඇද වැටීමෙන් රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ..
නයිජීරියාවේ ජනාධිපති ඇතුළු බොහෝ පිරිසක් ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කර තිබෙනවා..