මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඇසෙන අලුත්ම ආරංචිය ගැන කතාවක්..
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ අපේක්ෂකයා එළැඹෙන 7 වැනිදා ප්‍රකාශයට පත් කරන බවට තොරතුරු වාර්තා වෙනවා..
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවක් ද අද (01) පැවැත්වුණා..
ඒ, කොළඹ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යලයේදීයී..
එහිදි ඉදිරි ජනාධිපතිවරණය සදහා පළාත් පාලන නියෝජිතයින් දායක කරගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ..