ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ 20-20 තරගාවලි පරාජයත් සමගයි.
කෙසේ නමුත් එක්දින තරගාවලියට පෙර මේ ඇසෙන පුවත ගැන නම් ක්‍රීඩාලෝලීන්ට එතරම් සුබවාදී පුවතක් නොවෙයි.
වේගපන්දු යවන්නන්වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංඛ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.
ඒ වෙනුවට මොහොමඩ් ෂිරාස් සහ එෂාන් මාලිංග සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මතීෂ පතිරණ ඉන්දියාව සමග පැවති තුන්වන විස්සයි20 තරගයේදී උරහිසේ ආබාධයකට ලක්වූ අතර, ඩිල්ෂාන් මධුශංක පුහුණු සැසියක් අතරවාරයේ මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙසේ පිටියෙන් ඉවත්ව තිබෙනවා.
එමෙන්ම දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු රෝගාතුර වීම හේතුවෙන් T20 තරඟාවලිය අහිමි වූ අතර, නුවන් තුෂාරගේ ද අබාධයක් නිසා තරගාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙනවා.
වේගපන්දු යවන්නන් පස් දෙනෙකු මේ වනවිට අබාධවලට ලක්ව ඇති බැවින්, ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලියට සූදානම්වන ශ්‍රී ලංකාව සැලකිය යුතු අභියෝගයකට මුහුණ දෙයි.