Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
31
කරවිල රෑට කෑවොත් වෙන දේ මෙන්න...

- කරවිල රෑට කෑවොත් වෙන දේ මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

134 Views
ගොඩාක් දෙනෙක් කරවිලවලට අකමැති මේ 'තිත්තයි' කියලා කියන කතාවම නිසා වෙන්න ඇති.

ඇත්තටම 'තිත්තයි' කියලා හිතාගෙන අපි කරවිල කනකොට කොහොමත් තියෙන තිත්ත රසට වැඩිය තිත්තක් දැනෙනවා තමයි.
 
කරියට පිසුවත්, තෙලට හින්දලා ගත්තත්, සලාදයකට ගත්තත් කරවිල පුදුමාකාර රසයි.ඒ තිත්ත රසය වුණත් දිවට මිහිරක් ද ගෙන එයි.
 
ඇතැමුන් තිත්තයි කියා ඉවත දමන කරවිලවල ගුණය ඒ අය නොදන්න වග නිසැකයි.
 
ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් මගින් ලෙහෙසියෙන්ම අපට අහිතකර බැක්ටීරියා සහ රෝග තත්ත්වයන්ගෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනවා.

ඉතින් කරවිල ආහාරයට එක්කර ගැනීමේදී, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝගය ආදිය ලෙහෙසියෙන්ම පිටු දකින්නට පුළුවන් වෙනවා. තවද ආහාර ජීරණය ක්‍රමවත් වීම නිසා ආහාර අජීරණවලින් මිදී සිරුර වඩාත් සෞඛ්‍යමත් වෙනවා.
 
හැමදාම උදෑසන ආහාර සමගම කරවිල යුෂ වීදුරුවක් පානය කිරීමෙන්, රසට කරවිල මැල්ලුමක් හදා ගැනීමෙන් වගේ දේවල්වලින්, මේ සියලු රෝග තත්ත්වයන්ට පිළියම් පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. ඔබ කළයුත්තේ වෙළෙඳපොළේ පිරිසුදු කොළ පැහැති ළපටි කරවිල ටිකක් ගෙදරින් ගෙනත් තබාගෙන ඔබේ සිරුර සෞඛ්‍යමත් කරගැනීම පමණයි.
 
කරවිලවල වෙනත් වර්ගද දකින්නට ලැබෙනවා. ඒ හෙළ කරවිල, බටු කරවිල සහ තුඹ කරවිල වගේ ප්‍රභේද කිහිපයක්.
 
අපි දැන් බලමු කරවිවල තියෙන ඖෂධීය ගුණය මොන වගේ එකක් ද කියලා
 
කරවිල ඖෂධීය ගුණය අසීමිතව අඩංගු හොඳ ආහාරයක්. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට කරවිල ඉතාමත් ගුණ කෑමක්.

දියවැඩියාව සඳහා වැඩි වශයෙන්ම ගුණ ඇත්තේ අමුවෙන් ගත් කරවිල යුෂවලයි.
 
ඉක්මනින් ආහාර දිරවීමට, ආමාශය නීරෝගි වීමට, කරවිල ඉතාම යෝග්‍යයි.

සිරුරෙහි ඇතිවන බාහිර ආබාධයන් සඳහාද කරවිල අසීමිතව ගුණ ගෙන දෙනවා.

දද-කුෂ්ඨ සඳහා වඩාත් සුවදායකවන අතර වේදනාවන් කැක්කුම් සමනය කොට ශාරීරික දාහයද නැතිකර දමනවා.
 
පෑරුණු තුවාල වේ නම් ඒවායෙහි මස් වැඩීම සිදු කරවයි.

පිත්තය සහ ඉදිමුම් සමනයකර දමයි. ලේ පිරිසුදුකර සෙම් රෝග සමනයකර දමා බඩගින්න වඩවයි.

අර්ශස් රෝගීන් සඳහා කරවිල යුෂ අමුවෙන් පානය සඳහාත් යම්තමට පිස ව්‍යංජනයක් ලෙසත් දෙනු ලබයි. විශේෂයෙන් පාසානම් විසට කරවිල යුෂ ඉතාම වටිනා ඔසුවක්.
 
උග්‍ර සර්ප විසට, සුදු පාසානම් විසට ද කරවිල යුෂ භාවිතයෙන් සාදා ගත හැකි ඖෂධ කදිමය.

කුඩා දරුවන්ට නිතර ඇතිවන සමේ තුවාලවලට කරවිල කොළ තැම්බූ වතුරෙන් සේදීම සුදුසු වනවා. හුගක් දරුවන් කරවිල කන්නේ නැත්තේ තිත්ත රස නිසයි.

ඒ නිසා තිත්ත රස ඉවත් කිරීමට කෙමක් තිබෙනවා. එනම් කතා නොකර කරවිල කැපූ විට කරවිලවල තිත්ත රස නැතිකර ගත හැකි වීමයි.
 
කරවිල වකුගඩුවේ ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයෙන් මිදෙන්නට අගනා ඔසුවක් ලෙස සැලකෙනවා.

ආහාරයත් සමඟම සිරුරට එකතුවන නිසා ඖෂධයක් ලෙසින් සිරුරට එක්කාසු වීම වේගවත් කරන අතර අපට බාහිර ඔසු ලබාගැනීමෙන් තොරව මේ රෝග තත්ත්වයට පිළියම් ලබාගන්නට පුළුවන්.
 
රාත්‍රියේ හදිසියේ සර්පයකු දෂ්ට කළ විට ඒ සඳහා භාවිතයට ගන්නා ඖෂධයන්හි ගුණය කරවිල හේතුවෙන් හීනවන නිසා ගම්බද වැසියෝ බොහෝ විට රාත්‍රී ආහාරයට කරවිල එක්කර ගැනීමෙන් වැළැකී සිටිති.

කරවිල රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරනවා, පිරිසිදු රුධිරය සියලු සෛලවලට ගමන්කළ විටයි සිරුර සෞඛ්‍යමත් වන්නේ. එසේ පිරිසිදු රුධිරය සිරුර පුරා සංසරණයවන විට සම පැහැපත්වීම නිරතුරුවම සිදුවන දෙයක්. එසේ සම පැහැපත්වීම [සෞඛ්‍යමත් වීම] නිසා සමට වැලදෙන නොයෙක් ඉස්හොරි, කුරුලෑ, ලප කැලැල්, පොතුකබර රෝගී තත්වයන්, පණු රෝග ආදිය වැළැක්වීම සිදුවනවා.

මීට අමතරව සම මත ඇතිවන විවිධ තුවාල සහ අසාත්මිකතා වළක්වන්නටත් කරවිල කරන්නේ මහඟු මෙහෙයක්.

ඇතැමුන් කරවිල පිසින විට කුඩා කැබැලි කපා ලුණු වතුරෙහි දමා පොඟවති. තිත්ත රසය නැසීමට එසේ කළද කරවිලවල ගුණයත් ඖෂධීය වටිනාකමත් රැඳී තිබෙන්නේ එකී තිත්ත රසයෙහිමය. කරවිල තෙලෙහි බැද ගැනීමෙන් සිදු වන්නේද එහි ගුණය නසා දැමීමකි.
 
කරවිල තම්බා අනුභවය සඳහා ගැනීම වගේම අමුවෙන් යුෂ පෙරා පානයට ගැනීමෙන් ලේ පිරිසුදුව සමද පැහැපත් වේ.

තම්බන විට කරවිල යම්තමට තම්බා ගැනීම යහපත්ය. රස ඖෂධ නිෂ්පාදනයේ දී විස නැසීම සඳහා භාවිතයට ගන්නා ඖෂධ සඳහා කරවිල යුෂ හොඳ දායකත්වයකි.
 උපුටා ගැනීමකි...
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top