ඊයේ පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙන් පරාජය වීමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග පැවති තරග තුනකින් යුතු විස්සයි විස්ස තරගාවලිය පරාජයට පත්වුණා.
මේ සමගම නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් නැවත කතාබහක් ඇති වී තිබෙනවා.
තරගාවලියේ මැද පෙල පිතුකරුවන්ගේ අසාර්ථකත්වය සම්බන්ධව බොහෝ කතාබහ ඇති වුණා.
තරග පරාජය ගැන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පසුගියදා යූ ටියුබ් වැඩසටහනකදී දැඩි විවේචනය සිදු කළා.
මේ අතරම ඊයේ පරාජයෙන් අනතුරුවත් ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධව අදහස් පළ කර තිබුණා.
'' ටීම් එකම කුණු මාළු වෙලා ඉන්න අවස්ථා තියෙනවා.හැබැයි පට ගාලා ඔලුව උස්සනවා.
එකම දේ හැමදාම වෙන්න ඒකට ඉඩ දෙන්න බෑ.
ඒකට අපි හේතු දීලා වැඩකුත් නැහැ.
මම හැම වෙලාවෙම කියනවා වගේ පිට ඉන්න මනුස්සයට බැනලා වැඩකුත් නෑ,පාරේ යන එකාට බැනලා වැඩකුත් නැහැ.
ඒක ඒ වෙලාවේ ගන්න ඕනි තීරණයක්.
අමාරු වෙන අවස්ථාවල් තියෙනවා.හැබැයි අපිට හේතු දි දී ඉන්න බැහැ.
ඇත්තටම මම විශ්වාස කළේ නැහැ තුන් වැනි පාරටත් වැලමයිට් එකක් සෙට් වෙයි කියලා.
ඇත්තටම අර ඉන්දියන්කාරයා මට විහිළු කරනවා.
මම මෑන්ට කිවූවා තුන් වැනි පාරට එහෙම වෙන්න බෑ.. බඩු බනිස් "
( chilling with russel වැඩසටහන ඇසුරෙන් )
