ශ්‍රී ලංකාව සහන ඉන්දියාව අතර පැවති තරග තුනකින් යුතු 20-20 තරගාවලිය අතිශය නින්දිත අයුරින් පරාජයට ලක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඊයේ පැවති තරගයේදී ජය පෙනි පෙනී තිබියදී පරාජය සුපිරි පන්දුවාරය තුලදී හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමග විස්සයි විස්ස ඉතිහාසයේ වැඩිම පරාජයන් හිමි කරගත් කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත් වුණා.
ඒ තරග 104ක් පරාජය වූ බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තැනට පත් කරමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඊයේ තරගයත් සමගින් තරග 105ක් පරාජයට ලක් වෙමින් පෙරමුණේ පසුවෙනවා.
