දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ගැන අවස්ථා කීපයකදී විවිධ කතා අහන්න ලැබුණා..
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ හෙට සිට ක්‍රියාත්මක වෙන අලුත් කතාවක් ගැනයි..
දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම සඳහා විවෘත කරන වෙලාවේ සංශෝධනයක් සිදුකරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් මඟින් පවසනවා...
එම නිවේදනයේ දැක්වෙන්නේ මේ දක්වා සිදුකෙරෙමින් පවතින දිනපතා පස්වරු 07ට මොබිටෙල් ප්‍රවේශ පත්‍ර පද්ධතිය මඟින් දින 30ට පෙර ආසන වෙන් කිරීමේ කටයුතු අගෝස්තු පළමුවැනිදා සිට 2024 මාර්තු 14 දිනට පෙර පැවති පෙරවරු 10.00ට සිදුකරන බවයි...
එම නිවේදනය පහතින්,