හීන කියන්නේ මිනිස්සුන්ව ජීවත් කරන තවත් එක සාධකයක්.. හීනත් එක්ක ජීවත් වෙන මිනිසුන්ට සමහර වෙලාවට ඒ හීන අත්හරිනවා..
ඔහු හිටියේ ලබන මාසයේ කැනඩා යන්න බලාගෙන... ඒත් අවසානයේ ඒ කතාව වෙනස් වෙලා..
ඔහු මේ පිටත්ව ගියේ අගෝස්තු මස 3 වෙනිදා කැනඩාවේ රැකියාවකට යාම සදහා බැංකුවෙන් රුපියල් ලක්ෂ 20 ක් රැගෙන ඒමටයි.. ඒත් එම තරුණයෙකුගේ මළ සිරුර මුලතිව් වවුනිකුලම් වැවේ තිබියදි පොලීසිය විසින් ඊයේ සොයා ගෙන තිබෙනවා..
මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේදී 27 හැවිරිදි ආනන්දරාසා සජීවන් නැමති මෙම තරුණයාගේ මරණය අබිරහසක් වී ඇති අතර ඔහු මියයාමට පෙර මිතුරන් වෙත ගන්නට ඇතැයි සැකකෙරෙන දුරකතන පණිවුඩ ගණනාවක්ම පොලිස් පරීක්ෂණවලදී සොයා ගැනීමට හැකි වී තිබෙනවා..
වවුනිකුලම් වැව අසලින් ගිය පිරිසක් වැව් කණ්ඩිය අසල යතුරු පැදියක් හා සරමක්ද පාවහන් යුගලක්ද තිබෙණු දැක ඇති අතර වැව අසල කවරෙකුවත් දැක ගන්නට නොමැති නිසා ඇති වූ සැකයක් මත ඒ බව පාණ්ඩියන්කුලම් පොලීසියට දැනුම්දී තිබෙනවා..
පොලිසිය පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහය මත වැව නිරීක්ෂණය කිරීමේදී තරුණයාගේ මළ සිරුර හමු වී ඇති අතර, සිද්ධිය වූ ස්ථානයට පැමිණි මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ස්ථානීය මරණ පරීක්ෂණය පවත්වා මියගිය තරුණයාගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට මෙම මරණය සැක සහිත බව ප්‍රකාශ කොට තිබෙනවා..
බැංකුවෙන් ලබා ගත් බව කියන රුපියල් ලක්ෂ 20 ක මුදලද අතුරුදහන් නිසා එම සැකය තවත් වැඩි බවද පවුලේ ඥාතීන් මේ අවස්ථාවේදී පවසා තිබුණා..
පසුව මහේස්ත්‍රාත්වරයා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමු කොට එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස පොලීසියට නියෝග කළා..
පාණ්ඩියන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා..