ඔහු සුපුරුදු පරිදි පාසලට යන්න පිටත්වුණේ කිසිඳු වෙනසක් නැතුවයි..
ඒත් ඒ යන අතරමගදී නොසිතූ ඉරණමකට මුහුණ දෙන්න ඔහුට සිදුවුණා.. මේ කතාව ඇසෙන්නේ නිවිතිගල ප්රදේශයෙන්..
නිවිතිගල - නිරිඇල්ල ප්රදේශයේදී වතු නිලධාරියෙකුගේ පහරකෑමට ලක්වූ බව කියන පාසල් සිසුවෙකු රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසනවා..
11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ...
අදාළ සිසුවා අද උදෑසන පාසල් යමින් සිටියදී වතු නිලධාරියෙකු සහ ඔහුගේ බිරිඳ විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ...
පෞද්ගලික ආරවුලක් මත මෙම සිසුවාට පහර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා...
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස වතු නිලධාරියා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා... ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කරන බව නිවිතිගල පොලිසිය පවසනවා..
පොලීසිය පැවසුවේ, පහර කෑමට ලක්වූ සිසුවා වතුපිටිය ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි..
මේ අතර පහරදීමට සම්බන්ධ බව කියන වතු නිලධාරියා වහාම ප්රදේශයෙන් ඉවත් වන ලෙස බලකරමින් ප්රදේශයේ ජනතාව පාසල ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කර තිබෙනවා..