මේ කියන්න යන්නේ මේ වන විට ලෝකයේම අවදානය යොමුකර සිටින ස්වාභාවික විපතක් ගැන කතාවක්..
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් තිබෙනවා.. කේරළයේ වයනාඩ් දිස්ත්‍රික්කයට මේ තත්වය බලපා තිබුණා..
එසේම කේරළ ප්‍රාන්තයේ වයනාඩ් ප්‍රදේශයට සේම කන්නූර්, මල්ලප්පුරම්, කෝලිකෝඩ්, සහ කසරගෝඩ් යන දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය නිසා දැඩි බලපෑම් එල්ල වී තිබුණා..
එහිදී එම ප්‍රදේශය ආශ්‍රිතව නැයායෑම් තුනක් පමණ සිදුව ඇති බවත්, ඉන් ආපදා තත්ත්වයට පත්ව පුද්ගලය්න් සිය ගණනක් පමණ සිරිවී සිටින බවත් එම වාර්තා සඳහන් කරනවා...
මෙලෙස අපාදාවට ලක්වූවන් ගලවා ගැනීම සඳහා මෙප්පාඩි අසල කඳුකර ප්‍රදේශයන් වෙත NDRF ඇතුළු බහුවිධ නියෝජිතායතන එක්ව තිබෙනවා...

