Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
30
"තවත් ජීවිත දෙකක් බේරා ගන්නවා කීවාම බිරිය ගැන මට ආඩම්බරයි.." නික්ම ගිය ඇය ගැන සවේදී වූ සුසන්තාගේ සැමියා කී කතාව මෙන්න...

- "තවත් ජීවිත දෙකක් බේරා ගන්නවා කීවාම බිරිය ගැන මට ආඩම්බරයි.." නික්ම ගිය ඇය ගැන සවේදී වූ සුසන්තාගේ සැමියා කී කතාව මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
අපි ගෙනාව ආයුශ අවසන් වුණාම.. ඒ කියන්න යන්න වෙලාව ආවම අපි කාට වුණත් ඒ දේ පොදු කතාවක්.. 

ඇය ආදරණීය අම්මා කෙනෙක්.. හොඳ බිරිඳක්.. ඒත් යන්න ඕන වෙලාව ආවම යන්නම වෙන නිසා මේ සියල්ලන් හැරදාලා සුසන්තා දැන් අවසන් නින්දට වැටිලා..

මොළය මිය ගොස් සිටි කාන්තාවකගේ වකුගඩු දෙක පරිත්‍යාග කිරීමට පවුලේ ඥාතීන්ගේ ක්ෂණික ඉදිරිපත්වීම් හා කැමැත්ත ලැබූ හෙයින් ජීවත්වීමේ වරම් අහිමි වී සිටි තවත් පුද්ගලයන් දෙදෙනකුට ජීවත්වීමේ වරම් ලබාදීමේ සාර්ථක සැත්කමක් හම්බන්තොට මහ රෝහලේදී ඉකුත්දා (23) සිදු කිරීමට හැකි වූ බව හම්බන්තොට මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළා..

මෑත කාලයේ දී හම්බන්තොට මහ රෝහලේ දී සිදු කළ දෙවන සැත්කම මෙයයි.. මොළයට විෂබිජයක් ඇතුළුවීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්තොට ලුණම නෝනගම හෙල්ප්ඒජ් නිවාස සංකිර්ණයේ පදිංචි එල්.එම්. සුසන්තා (57) දෙදරු මව සිය ජීවිතය නිමා කළේ සිය වකුගඩු දෙකෙන් තවත් ජීවිත දෙකකට ජීවිත දානය දෙමින්..

ශරීර අවයව අකර්මණ්‍ය වීම හේතුවෙන් මෙරට විශාල රෝගීන් සංඛ්‍යාවක් ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිය ජීවිතය ගත කරන අතර ශරීර අවයව ලබා ගැනීම එතරම්ම පහසු කාර්යයක් නොවන බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළා... මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් ඖෂධ ලබාදීම, රුධිර කාන්දු පෙරණය වැනි ප්‍රතිකාර ලබා දුන්නද විශාල වියදමක් දැරීමට සිදු වෙනවා මෙන්ම එදිනෙදා වැඩ කිරීමට බාධාවක් ඇතිවෙනවා.. අපේක්ෂිත ආයු කාලය ද අඩු වෙයි.. එහෙත් අවයව බද්ධ කළොත් ඒ තත්ත්වය වෙනස් මඟකට හැරෙන බව ද රෝහල් අධ්‍යක්ෂිකා අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළා...

මොළය මිය ගොස් සිටින මෙවැනි රෝගීන්ගෙන් ගන්නා අවයව මඟින් රෝගීන් අට දෙනෙක් පමණ ජීවත් කිරීමට හැකිවන හෙයින් රෝගියාගේ පවුලේ ළඟම ඥාතීන්ගෙන් ඒ සඳහා ඉතා ඉක්මනින් ලැබෙන කැමැත්ත මත සැත්කම සිදු කරයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම හා ක්ෂණික ප්‍රතිචාරය මේ සැත්කම සිදු කිරීම මත මෙහි ප්‍රතිඵල ලබාගත හැකි බව ද සඳහන් කළා...

ඒ අනුව මොළය මියගොස් සිටි මේ කාන්තාවගේ සැමියා හා දරුවන්ගේ කැමැත්ත මත වහාම ක්‍රියාත්මක වූ හම්බන්තොට මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන හිරුෂික ද සිල්වා, වෛද්‍ය මහේෂ් ප්‍රියන්ත, කායික රෝග විශේෂඥ කසුන් ප්‍රභාසර, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනෝමලී විදාන ගමගේ යන මහත්ම මහත්මීන් හා අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න මහතා ප්‍රමුඛව දැඩි සත්කාර ඒකකයේ සහ ශල්‍යාගාරයේ සියලුම කාර්ය මණ්ඩලය මේ සඳහා දායක වුණා..

වකුගඩු දෙක ලබා දෙමින් තවත් ජීවිත දෙකක් රැකගන්න සිය ජීවිත දානය දුන් දෙදරු මවගේ සැමියා එල්.එච්.ජී. නිමල් මහතා මෙසේ කීය. මගේ බිරියගේ වකුගඩු දෙක ලබාදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් ජීවත්වනවා කියා ඇහුවාම මට මගේ බිරිය ගැන මහ ආඩම්බරයක් ඇතිවුණා. මගේ බිරිය ජීවත් කරවීමට ගත හැකි හැම උත්සාහයක්ම ගත්තත් ඇය අප අතහැර ගියා... ඇයගේ ශරීර අවයව ගන්න පුළුවන් කියා වෛද්‍යවරුන් මම දැනුවත් කළා. මම එය පිළිගෙන අවසර ලබා දුන්නා.. ඒ අනුව බිරියගේ වකුගඩු දෙකම ලබාගත් බව පවසා තිබුණා..

ඇයගේ වැඩිමහල් සොහොයුරිය වන එල්.එම්. කරුණාවතී මහත්මිය ද කියා සිටියේ මගේ නංගි අප අතරින් වෙන්ව ගියත් නංගි නිසා තවත් ජීවිත දෙකක් ජීවත් කරවීම නංගි කර ඇති මහා පින්කමක් බවයි...



දිණමිණ ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top