Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
20
"දෙවියනේ, ඔහු මගේ දියණිය විවාහ කර ගත්තේ ඇයි? " - මධුසමය දා අමානුෂික ලෙස ඝාතනය වුණු ඇණී දේවානී...

- "දෙවියනේ, ඔහු මගේ දියණිය විවාහ කර ගත්තේ ඇයි? " - මධුසමය දා අමානුෂික ලෙස ඝාතනය වුණු ඇණී දේවානී...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
Anni Dewani ඉන්දීය ජාතික යුවතියක්. ඇය මධුසමය දා ඝාතනයට ලක්වන්නේ හැම දෙනෙකුම කම්පාවට පත් කරමින්.

දකුණු අප්‍රිකාවේදී මධුසමය ගෙවමින් සිටියදී ඇය ටැක්සියක් තුළ ඝාතනයට ලක් වෙනවා. පසුකාලීනව හනිමුන් මර්ඩර් නමින් මේ ඝාතනය ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා.

මේ සම්බන්ධයෙන් මුලදී අත්අඩංගුවට ගනු ලබන්නේ කොල්ලකරුවන් දෙදෙනකු සහ ඔවුන් මධු සමය ගතකළ හෝටලේ පිළිගැනීමේ නිලධාරියාවයි.ඕනෑම අපරාධයක් ගැන පරීක්ෂණ විවිධ සැකයන් ඔස්සේ සිදුවන අතර මෙම හනිමුන් මර්ඩර් එක ගැනත් දිගින්දිගටම පරීක්ෂණ සිදු කෙරෙන්නට පටන් ගන්නවා.

දිගටම සිදුවන පරීක්ෂණ වලදී සැකය Anni Diwani ගේ සැමියා වූ Shrien Dewani හට එල්ල වන්නට පටන් ගන්නවා. සැකයේ හස්තය සැමියාට එල්ල වෙද්දී ඔහුගේ නීතිඥයන් එය ප්‍රතික්ෂේප කරන්නෙ එය ඉතා විහිළුසහගත බව කියමින්.

නමුත් පරීක්ෂකයන් පවසන්නේ ටැක්සියේ රියදුරා මෙම ඝාතනය සම්බන්ධ විත්තිකරුවන් අතර අහිංසක ගොදුරක් බවයි.නමුත් කේප් ටවුන් වෙත පැමිණ පැය කිහිපයක් යන්නට පෙර දිවානිට ඔහුගේ අලුත් බිරිඳ මරා දමන කොන්ත්‍රාත්කරුවන් සොයා ගන්නට නොහැකි බව කියමින් Dewani ගේ නීතිඥයන් ඒ චෝදනාව හාස්‍යයට ගන්නවා.

කෙසේ නමුත් ඉන්පසු අල්ලා ගත් එම වරදකරුවන් හට දඬුවම් දීම ඇරඹෙනවා. අත්අඩංගුවට ගත් Zola Tongo 2010 දෙසැම්බරයේ මිනීමැරුම සම්බන්ධයෙන් වරද පිළිගත් අතර වසර 18 ක සිර දඬුවමකට යටත් වෙනවා.

Mziwamadoda Qwabe 2012 අගෝස්තු මාසයේදී ඝාතනයට වරද පිළිගෙන වසර 25 ක සිරදඬුවමකට යටත් වෙනවා.

Xolile Mngeni 2012 නොවැම්බර් මාසයේදී මිනීමැරුම් චෝදනාවට වරදකරු වූ අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා.

Monde Mbolombo ඔහුගේ සම්බන්ධය පිළිගත් නමුත් අපරාධයට සම්බන්ධ යැයි කියනු ලබන අනෙකුත් මිනිසුන්ට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වෙනවා.

මේ නඩුව අවසන් වන තෙක්ම සැමියාට එරෙහි චෝදනා ඔප්පු කිරීම පහසු වී නැහැ.කෙසේ හෝ පාපොච්චාරණයන් පදනම් කරගෙන සිරගතව සිටින්නන් කුලී ඝාතකයන් බවට හඳුනා ගැනෙනාතර Shrien Dewani එක්සත් ජනපදයේ සිට දකුණු අප්‍රිකාවට පිටුවහල් වෙන්නේ මෙම හනිමුන් මර්ඩර් සම්බන්ධයෙන් ඔහුව නැවත සැකකාරයෙකු බවට පත් කරමින්.

2010 නොවැම්බර් 13 වෙනිදා මේ ඝාතනය සිදුව ඇත්තේ ඔවුන් මංකොල්ලකෑමක් අතරතුරදී හිරිහැරයට පත් වූ බව හැඟෙන අයුරින්.Dewani යුවල සතු වටිනාකියන බොහෝ දෑ මේ අනතුරේදී මංකොල්ලකෑමට ලක් ව තිබෙනවා.එනිසා එය Annie Dewani ගේ සැමියා අතින් සිදුවූවක් බව ඔප්පු කරන්නට බොහෝ අපහසුව තිබුණා.

නමුත් ඔහුගේ කඳුළු කිඹුල් කඳුළු බවට නිලධාරින්ට දැඩි විශ්වාසයක් වී තිබුණා.ඊට ප්‍රදානව බලපෑවේ කාන්තාවන් ඇසුරට වඩා පිරිමි ඇසුරට කැමති වූ Dewani කාන්තාවක් විවාහ කර ගැනීමයි.

පරීක්ෂණ අතරතුර ඔහු පිරිමි ගණිකාවන් ගේ ඇසුරට ඇබ්බැහි වූ සමලිංගික පුද්ගලයකු බව පැහැදිලිව හෙළිවෙනවා.විවාහයට පෙර දිනයේත් ඔහු සමලිංගික වීඩියෝ පට නැරඹූ බව උසාවියෙදි ද ඔහු පිළිගෙන තිබුණා.

“ඔහු සමලිංගිකයෙකු නම් විවාහ වූයේ ඇයි? ඒ කොල්ලකෑමේ දී ඇය පමණක් මිය ගියේ ඇයි? මධුසමය සඳහා මෙවැනි අපරධ බහුලව සිදුවන දකුණු අප්‍රිකාව ම තෝරා ගත්තේ ඇයි.”
උසාවිය දැඩිව ප්‍රශ්න කරන්නේ මේ කාරණායි.පසු කාලීනව ඔහුගේ සමලිංගික පෙම්වතා ගෙල වැලලාගෙන මිය යනවා. මිය යන පෙම්වතාට අමතරව Shiren Dewani වරින් වර වෙනත් පිරිමි ගණිකාවන් ආශ්‍රය කර ඇති බවටත් හෙළිදරව් වෙනවා.

සියලු කාරණා කෙසේ වුවත් ඔහුව සිරගත කරන්නට මේ කිසිදු සාක්ෂියක් ප්‍රමාණවත් වන්නේ නැහැ.මිලියනපතියකු වන Shiren Dewani ලන්ඩනයේ සුවපහසු ප්ලැට් එකක සුවපහසු ජීවිතයක් ගෙවන අතර ඔවුන්ගේ විවාහයේ දසවන සංවත්සරය දවසේ සමාජ මාධ්‍යවල ඡායාරූපයක්ද පළ කර තිබුණා.

“සමලිංගිකයකු වීම තෝරා ගැනීමක්.එහෙත් එසේ තෝරා ගැනීමක් තිබියදී ඔහු මගේ දියණිය විවාහ කර ගත්තේ ඇයි? ඇය වෙනුවෙන් ශෝක වෙනවා වෙනුවට ඔහු ඔහුගේ සමලිංගික පෙම්වතා බොහෝ සුවපහසු ජීවිතයක් ගෙවන බවට සමාජ මාධ්‍ය ගිණුම් හරහා අපට පෙනෙනවා.”ඇනීගේ පියා එසේ ශෝක වෙනවා.

Annie Dewani සම්බන්ධ හනිමුන් මර්ඩර් සම්බන්ධයෙන් සාමාන්‍ය මංකොල්ලකරුවන් පිරිසක් සිරගත ව සිටීම සත්‍යක්.නමුත් සැබෑවටම එයට ඇගේ සැමියාගේ සම්බන්ධයක් තිබේ නම් එය මොන තරම් අපරාධයක්ද?

තමන් සතු රහස් හරි හැටි හෙළි නොකර විවාහයට පිවිසෙන පිරිමින් ඕනෑතරම් සිටින්නට පුළුවන්.Annie Dewani මෙන් ඛේදවාචකයකින් ජීවිතය කෙළවර කර නොගෙන ඔබේ සහකරු සමඟ විවාහ වන්නට පෙර ඔහු ගැන හොඳින් සොයා බලන්න.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top