නීල් ආම්ස්ට්‍රෝන් ඉතිහාසයට එක් වන්නේ සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා ලෙසය.
1969 ජූලි 20 වැනිදා ලෝක ඉතිහාසයේ එම අමරණීය දිනය උදාවූයේය. ඇමෙරිකානු ගගනගාමියකු මෙන්ම ගුවන් නියමුවකු හා විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ නීල් ආම්ස්ට්‍රෝන් ඇපලෝ 11 අජටාකාශ යානයෙන් සඳ තරණය කළේය.
නීල් ඇපලෝ 11 යානයේ අණදෙන නිලධාරියා වූ අතර එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් ගගනගාමීහු දෙදෙනා ද ගමනට එක් වූහ. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මත සිට යළි පැමිණෙනතුරු මයිකල් කොලින්ස් චන්ද්‍ර පෘෂ්ඨයට ඉහළින් කක්ෂගතව සිටියේය.
මුල්වරට චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත පැය 2 1/2ක් ගත කළ අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රෝන් ප්‍රකාශ කළේ තමන් සඳ මත පාතැබීම මානව වර්ගයාගේ ඉදිරි ගමනට තැබූ යෝධ පියවරක් බවය.
මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම වෙනුවෙන් සාර්ථක ගවේෂණයක් සිදුකළ ආම්ස්ට්‍රෝන් හට ඇමෙරිකාව ඛ්ධදඨපඥඵඵඪධදචත ඉනචජඥ ර්ඥඤචත ධට ඩධදධප සම්මානයෙන් ගෞරවය පුද කළේය.
ආම්ස්ට්‍රෝන් එක්සත් ජනපද ගුවන් හමුදාවට සම්බන්ධ වන්නේ 21 හැවිරිදි වියේදීය. ඔහුට අවදානම් සහගත කටයුතු සඳහා ඉදිරිපත් වීමේ නිර්භීතභාවය උපතින්ම හිමිව තිබුණේය.
1952 කොරියානු යුද්ධයේදී ඔහු හෙලිකොප්ටර් යානා නියමුවකු ලෙස විශිෂ්ට දස්කම් පෑවේය. ජ්9ජ්-2 ර්ථීචදබඩඥපඵ හෙලිකොප්ටර් යානයෙන් සතුරු ගුවන් ආක්‍රමණය කර බෝම්බ හෙළීම ඔහුට පැවරුණු වගකීම වූයේය.
නීල් ආම්ස්ට්‍රෝන්ගේ පියා ස්තෙපාන් ආම්ස්ට්‍රෝන් නම් විය. 21 හැවිරිදි පුත්‍රයා ප්‍රහාරක ගුවන් යානාවල සේවය කරනවාට පියාගේ කැමැත්ත පළ කර තිබිණි. එහෙත් ගුවන් හමුදාවේ සේවය පිණිස ඔහු පිටත්ව යෑම පිළිබඳව වියෝලා ලුවිස් නම් මව බලවත් අසතුටෙන් සිටියාය.
මෙහි දැක්වෙන ලිපිය නීල් ආම්ස්ට්‍රෝන් කොරියානු යුදබිමේ සිට සිය පියාට එවන ලද්දකි.
1952 සැප්. 9 දයාබර තාත්තාට,
අම්මාට ලියූ අන්තිම ලිපියට පසු බරපතළ තත්ත්වයට මුහුණපාන්නට සිදුවුණා. මේ කෙටි ලිපියෙන් ඒ ගැන තොරතුරු ටිකක් දන්වන්නම්. මම අන්තිමට එවූ ලිපියට පසු දින සතුරු ප්‍රදේශයක් කරා මට යන්නට සිදුවුණා. මම ගිය ගුවන්යානයට සතුරු ප්‍රහාරයක් එල්ල වුණත් සතුරන්ගේ දේශ සීමාවට සැතපුම් 100කට පමණ අෑතින් යානය ගොඩබස්සවා ගන්නට පුළුවන් වුණා.
කෙසේ වුවත් ඒ බරපතළ තත්ත්වයට මුහුණ දෙමින් එම ප්‍රදේශයෙන් නිරුපද්‍රිතව යළි නිදහස් වී ඒමට හැකිවුණා. තවත් තොරතුරු ඊළඟ ලිපියෙන් දන්වන්නම්. ඊළඟ දවසේ අපේ කණ්ඩායමේ ළමයින්ගෙන් දෙදෙනකුට වෙඩි වැදුණා. ඒක මහ රුදුරු දවසක්. මේ එවන්නේ පිටපතක්.
මෙහි මුල් පිටපත ගුවන් හමුදාවේ ලිපි ගොනුවේ ඇත.
නීල් ආම්ස්ට්‍රෝන්
ඔහු ගගනගාමියකු වීමත් සමඟ මෙම ලිපියේ වටිනාකම බෙහෙවින් ඉහළ ගියේය.
මිනිසා සඳ මත පා තබා මෙම ජූලි 20 වැනිදාට වසර 50 සම්පූර්ණ වේ. ලෝකය තත්ත්වාකාරයෙන් වටහා ගැනීම උදෙසා නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු නාසා ආයතනයේ ගගනගාමීන් ඉටුකළ මෙහෙය මානව වර්ගයාගේ අවසානය දක්වා අමතක නොවනු ඇත.