ඔබේ දෙපා ආරක්ෂා කිරීමටත් අලංකාර විලාසිතා සඳහාත් පලඳින පාවහන් පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් වැදගත්වේ.
පාවහන් නිසි පරිදි පිරිසුදුව, පිළිවෙළට තබා ගැනීම තුළින් ඔබේ පෞරුෂත්වය ඔප් නැංවෙනවා පමණක් නොව එය ශරීර සෞඛ්‍යයට හිතකර වේ. පාවහන්වල දුර්ගන්ධය නිසාද ඔබව පිරිසක් ඉදිරියේ අපහසුතාවට පත්වේ. මෙලෙස පාද සහ පාවහන්වලින් දුර්ගන්ධයක් වහනය වන්නේ බැක්ටීරියා හේතුවෙනි. ඔබේ දෙපාවලට දහඩිය දැමීමෙන් පාදවල බැක්ටීරියා වර්ධනය වීමට හිතකර පරිසරයක් සාදනු ලබයි. අද මව්බිම ඒදඨතඥ තුළින් පාඨක ඔබට ගෙන එන්නේ පාවහන්වල දුර්ගන්ධය නැතිකර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ තොරතුරුයි.
බේකින් සෝඩා
බේකින් සෝඩාවල වාසි බොහෝමයකි. මුළුතැන්ගෙයි භාවිතයට පමණක් නොව පිරිසුදුකාරකයක් ලෙසද බේකින් සෝඩා වැදගත් වේ. බේකින් සෝඩා මඟින් පාදවල දුගඳ නැති කළ හැකිය. එසේම පාවහන් තුළටද බේකින් සෝඩා ස්වල්පයක් ඉසීමෙන් පාවහන්වල දුර්ගන්ධය නැති කළ හැකිය. බේකිං සෝඩා තේ හැඳි 3ක්, ඉරිඟු පිටි තේ හැඳි 1ක්, Tea tree Oil බිංදු 5ක් සමඟ මිශ්‍රකර රාත්‍රි කාලයේ ඔබේ පාවහන්වලට දමන්න. උදෑසන පාවහන් හොඳින් සොලවා භාවිත කරන්න.
ඇල්කොහොල්
විසබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන ඇල්කොහොල් බැක්ටීරියා විනාශ කිරීම සඳහා උපකාරි වේ. දෙපා ආශි්‍රතව පවත්නා දුර්ගන්ධය අවම කිරීමටත් අපිරිසුදු බවින් මිදීමටත් ඇල්කොහොල් රුකුලක් වේ. පිරිසුදු රෙදි කැබැල්ලක ඇල්කොහොල් පොඟවා පාවහන් ඇතුළත අතුල්ලන්න. ඉන්පසු හොඳින් වාතය ලැබෙන ප්‍රදේශයක සපත්තු තබා වාතයේ වියළීමට ඉඩ හරින්න.
සගන්ධ තෙල් Essential Oil
වෙළෙඳපොළෙහි ඇති සගන්ධ තෙල් පාවහන්වල ගඳ ඉවත් කිරීම සඳහා වටිනා අමුද්‍රව්‍යයකි. සගන්ධ තෙල් වර්ග කිහිපයක් මිශ්‍ර කර ස්ප්‍රේ බෝතලයකට දමා ඔබේ පාවහන්වලට ස්ප්‍රේ කරන්න. එමඟින් ඔබට සුවඳවත් පාවහන් යුගළක් ලබාගත හැකිය.
කළු තේ බෑග් Black Tea Bag
තේ බෑග් කිහිපයක් උතුරන වතුර භාජනයකට දමා විනාඩි කිහිපයක් පෙරීමට ඉඩ දෙන්න. ඉන් පසුව විනාඩි 5ක් පමණ සිසිල් වීමට තබා ඒවා ඔබේ පාවහන් තුළට දමන්න. මෙය පැයකට ආසන්න කාලයක් තබා ඉවතට ගන්න. බැක්ටීරියා නැසීමට මෙම කළු තේ මහෝපකාරී වේ.
විනාකිරි
සුදු විනාකිරි බැක්ටීරියා ඉවත් කිරීමට භාවිත කල හැකිය. එබැවින් පාවහන් පිරිසුදු කිරීම සඳහා විනාකිරි මිශ්‍රණයක් භාවිත කළ හැකියි. ස්ප්‍රේ බෝතලයකට විනාකිරි කෝප්පයක් සහ වතුර කෝප්පයක් මිශ්‍ර කර පාවහන් තුළට ඉසීමෙන් පාවහන්වල ගන්ධය නැති කර ගත හැකිය.
බේබි පවුඩර්
බේබි පවුඩර් ඔබේ සපත්තු වියළිව තබා ගැනීමට උපකාරී වනු ඇත. පාවහන්වල දුර්ගන්ධය උදාසීන කිරීමට මෙම බේබි පවුඩර් භාවිත කළ හැකිය. පාවහන් පැලඳීමට පෙර පාදවල හෝ මේස් මත ළදරු කුඩු ටිකක් ඉසිය යුතුයි.
( මව්බිම )