රෝහිත අබේගුනවර්ධන කියන්නේ ලංකාවම දන්න දේශපාලකයෙක්.
ඔහු පාර්ලිමේන්තුව තුල වඩාත් කටකාර වගේම ආන්දෝලනාත්මක ප්රකාශ සිදු කරන පුද්ගලයෙක්.
දේශපාලකයෙක් වගේම ඔහු හරි ආදරණීය පියෙක්.
ඉතින් තාත්තා කෙනෙකුගේ සතුට තමයි තමන්ගේ දූ පුතුන්ගේ ඉගෙනීමේ සාර්ථකත්වය වගේම ඔවුන්ගේ දිවියේ ලබන දියුණුව.
ඉතින් ඔහුත් පියෙකු ලෙස සතුටුවන අවස්ථාවක් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබුණා.
ඒ ඔහුගේ පුතු වූ අයේෂ් නීතීවේදී උපාධිය සාර්ථකව අවසන් කර තිබීම සම්බන්ධයෙන්.
LLB(Hons) Staffordshire University UK හී දී යි අයේෂ් මේ උපාධිය අවසන් කර තිබුණේ.ඉතින් ඔහු ඒ ගැන මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.
''LLB(Hons) Staffordshire University UK නීතීවේදී උපාධිය අද දින ලබා ගත්, මාගේ එකම පුතු අයේෂ් අබේගුණවර්ධන පුතාට, මමත් අම්මත් සුබ පතනවා..!
පියෙකු ලෙස මටත්, මවක ලෙස මාගේ බිරිඳටත්, අයේෂ් අබේගුණවර්ධන පුතා ගැන අද ඇත්තේ මහත් ආඩම්බරයක්.
ඒ ඔහු අපේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම නිසයි.
පුතේ, ඔබගේ දක්ෂතාවන් සහ සහජ හැකියාවන් තුළින් මෙතෙක් පැමිණි සාර්ථක ගමන ඉදිරියටත් ගොඩනගමින්, උපන් රටට, දැයට සේවය කිරීමට ශක්තිය සහ ධෛර්ය ලැබේවායි මමත් අම්මත් ප්රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.''