දරුවන්ගේ යහපත වෙනුවෙන් ඕනෑම මව්පිය යුවලකට ඒ අයට තරවටු කරන්නට පුළුවන්..
ඒත් සමහර වෙලාවට ඒ දේවල්වලටත් සීමාවක් තියනවා කියන එක දෙමව්පියන් දැනගන්නට ඕන..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. බීමත්ව පැමිණ තම වයස අවුරුදු 14ක පිරිමි දරුවාට සහ වයස අවුරුදු 24 දියණියට කොසු මිටකින් පහරදී තම පුතාගේ අත කඩා බරපතළ තුවාල සිදුකළ බවට වාර්තා වෙනවා..
මේ සිද්ධියට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පියෙකු ලබන ජූලි මස 22 වැනි දින දක්වා රිමාන්ඩ් කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා නියෝග කර තිබෙනවා..
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ, මාකොළ උතුර, මාකොළ ප්‍රදේශයේ පදිංචි එච්.කේ. සමින්ද සරත් හේමචන්ද නමැති 49 හැවිරිදි අයෙක්..
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ බිරිය වන කඩවත, ඉහළ බියන්විල ප්‍රදේශයේ පදිංචි බී.ආර්.එම්.ප්‍රසාදිකා මනෝරි නමැත්තිය විසින් කඩවත පොලිසියට කළ පැමිණිල්ල විමර්ශනය කර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා..
මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 14ක සැකකරුගේ පුතා වන එච්.කේ. ඉසුරු ලක්රුවන් යන අය ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණා...
කඩවත පොලිසිය වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා තිබුණේ, මෙම සැකකාර පියා දිගින් දිගටම බීමත්ව පැමිණ සිය දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දෙන බවත් එම සැකකාර පියා විදේශගතව සිටියදී පැමිණිලිකාර බිරියට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට ජීවත් වීමට එවූ මුදල් ඉල්ලමින් මෙසේ පහර දෙන බවයි..
මෙම සිද්ධිය සිදුවූ දින සැකකාර සැමියා විසින් සිය බිරියට පහරදීමට පටන් ගෙන ඇති අතර එහිදී එම පහර දීම විසඳීමට පැමිණි මෙම දරුවන් දෙදෙනාට සැකකරු කොසු මිටකින් අමානුෂික ලෙස පහරදී ඇති අතර ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට ලැබුණ ඇමතුමක් අනුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කර තිබුණා...
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව කොස්තාපල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසුවා..