අප අවට සමාජය තුළ බහුලව පවතින රෝගී තත්ත්වයකි අර්ශස්.
එය ගුද මාර්ගය ආශ්‍රිතව පවතින්නා වූ රෝගී තත්ත්වයක් වන අතර ආයුර්වේද ශාස්ත්‍රය තුළදී අර්ශස් යනු සතුරකු මෙන් පණ පෙළන මහා රෝගවලින් එකක් ලෙස හඳුන්වා දෙනු ලබයි.
අර්ශස් රෝගියකු ප්‍රධාන වශයෙන් වෛද්‍යවරයකු හමුවට පැමිණෙනුයේ ගුද මාර්ගයෙන් ලේ වහනය වීම හෝ ගෙඩියක් පිටතට පැමිණීම සඳහන් කරමිනුයි.
මහා අන්ත්‍රයේ අවසාන කොටස වන ගුදයේ ප්‍රවාහර්ණ, විසර්ජනී, සංවර්ණ නමින් හඳුන්වන ගුද වලි තුනක් පිහිටන අතර මෙම ගුද වලිවල බිත්තිවල තිබෙන ශිරා ඇතැම්විට ධමනිකා (කේශිකා) ද පිම්බීම නිසා ගුදකීල නැතහොත් අර්ශස් පැනනඟිනවා.
මෙය පිරිමි පාර්ශ්වයට වැලඳීමට වැඩි ප්‍රවණතාවක් පවතී. ප්‍රධානම හේතුව දීර්ඝ කාලීන මලබද්ධය වුවත් තවත් හේතු රැසක් බලපානවා. බඩවැල්වල සිට අක්මාව කරා රුධිර සංසරණය සිදුවන ප්‍රතිහාර්ණ මහ ශිරාව උදරගත අර්බුදවලින් ඇහිරීම නිසා අධෝගතව පීඩනයක් ඇති වීම මෙන්ම ප්‍රමාණයට වඩා මත්පැන් පානය නිසාද මෙම ශිරාව අවහිර වීම සිදුවීමට පුළුවන්. දවසේ වැඩි වෙලාවක් කය වෙහෙසීමෙන් තොරව වාඩි වී සිටීම, දරු ප්‍රසූතියේදී අධික වශයෙන් තැටමීම නිසා පසුකාලීනව අර්ශස් වැනි තත්ත්ව පැනනැඟීමටද ඉඩ පවතී. මෙම රෝගී තත්ත්වයට ආහාර පුරුදුද ඍජුවම බලපෑම් සිදු කරනවා.
කාලයත් සමඟ මෙම රෝග තත්ත්වය වර්ධනය වීමක් සිදුවන අතර දිගින් දිගටම රුධිරය වහනය වීමක් සිදු වුවහොත් හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වී විවිධ සංකූලතා මතු වීමට ඉඩ පවතින අතර රෝගයේ මූලික අවධියේදීම ප්‍රතිකාර ලබාගැනීම නුවණට හුරු කරුණකි.
ඊට අමතරව මහබඩවැල් ආශ්‍රිතව පවතින වෙනත් රෝග තත්ත්වයන් නිසාද අර්ශස් රෝගය මතු වීමට ඉඩ පවතිනවා.
එවැනි අවස්ථාවකදී අර්ශස් ලෙස වරදවා ප්‍රතිකාර ලබාගතහොත්, බඩවැල් ආශ්‍රිතව පවතින ප්‍රධාන රෝග තත්ත්වය අපට මඟහැරීමට පුළුවන්. එම නිසා පළපුරුදු වෛද්‍යවරයකු හමුවී ඔබගේ රෝග තත්ත්වය නිවැරැදිව හඳුනා ගන්න. ගුද මාර්ගය පරීක්ෂා කිරීමට Proctoscope හෝ ගුද මාර්ගය හරහා කැමරාවක් යවා ගෙඩි පවතිනවාද නැද්ද යන්න අපට නිර්ණය කරගත හැකියි.
කාලයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන අර්ශස් රෝග තත්ත්වය කාලයාගේ ඇවෑමෙන් පිටතට පැමිණෙන අර්ශස් ගෙඩි නැවත ඇතුළට නොයා සිටීමට ඉඩ පවතිනවා. එවැනි අවස්ථාවලදී ගුද මාර්ගය වටා ඉදිමීම ඒ වටා අසාත්මිකතා ඇති වීම වැනි සංකූලතා ඇති වීම නිසා රෝගියකුට ඇති වන අපහසුතා ඉතාම අධිකයි.
එසේම ගුද ප්‍රදේශයේ දැවිලි ගති – ඉදිකටුවලින් අනින්නාක් බඳු වේදනාව – මලපහ කරන විටත්, කිරීමට පෙරත් ඇතිව වේදනාව – කෑම අරුචිය – බඩ පුරවා දැමීම – හිස කැක්කුම – ගුද විවරය අවට කැසීම් ආදී සෑම අර්ශස් රෝගියකුටම පොදු ලක්ෂණ වන අතර මල සමඟ ලේ පිටවන අර්ශස් රෝග තත්ත්වය ඉතා වේදනාකාරී උවදුරු බහුල රෝගී තත්ත්වයක් නිසා මූලික අවධියේදීම ප්‍රතිකාර ලබා ගැනීම ඉතා අවශ්‍යයි.
මෙම රෝග තත්ත්වයේදී අභ්‍යන්තරව යොදන කෂාය වර්ග මෙන්ම බාහිර ප්‍රතිකාරවලටද රෝගියා අනිවාර්යයෙන්ම යොමුවිය යුතුයි.
මඟුල් කරඳ – බිං කරල් හැබ – සාරණ – ඇහැළ පොතු – අරළු – තිප්පිලි – රසකිඳ – නෙල්ලි – ඇත්දෙමට – රත්නෙටොල් – සෙනෙහෙකොළ – කලාඳුරු – දියමිත්ත වැනි බෙහෙත් ද්‍රව්‍ය එකතු කර සකස් කරන ලද කෂාය වර්ග – කල්ක – චූර්ණ වර්ග හා ගුළි වර්ග මෙන්ම,
බාහිර වශයෙන් ඔෟෂධ තැම්බූ වතුරවල හිඳගෙන සිටීම හා දුම් ඇල්ලීම මඟින් මෙම රෝගය නිට්ටාවටම සුව කර ගත හැකි අතර ලේ පිටවන විටදී එය නිවැරැදිව හඳුනාගැනීමට වෛද්‍ය උපදෙස්ද අනුගමනය කරන්න.
අර්ශස් රෝගී ඔබට භාවිත කළ හැකි කෂාය වට්ටෝරුවක් පහතින් දක්වමි.
වැටකෙයියා බොඩ
කොහිල අල
උම්බලකඩ
රතුලූනු
කිතුල් හකුරු
නමුත් මෙම රෝගී තත්ත්වය දිනෙන් දින වර්ධනය වන්නක් නිසාද ශරීර දුර්වලතාවට එය ඍජුවම හේතුවන නිසාත් නිසි පළපුරුද්දක් ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමටත් සුදුසු බාහිර ප්‍රතිකාරවලට යොමුවීමටත් රෝගී ඔබ මතක තබා ගත යුතුයි.
( මව්බිම)