මේ කතාවේ සුලමුල තවමත් කිසිවෙක් හරියටම දන්නේ නැහැ.. සියල්ලන්ගේම හිතට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් සංජීවනි දැන් ජීවිතයෙන් සමුගෙන..
කොහොම වුණත් මේ වගේ ඉක්මන් තීරණයක් ඇය ගන්න හේතු වෙන්න ඇත්තේ මොකක්ද..? කොහොම වුණත් මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
විවාහා වීමට මාසයක් වැනි කෙටි කාලයක් තිබියදී සියදිවි නසාගත් තරුණියක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා..
ඒ කහවත්ත ඇන්දාන ප්‍රදේශයෙන්..
නිවසේ තොටිල්ලකට බැඳ තිබූ සාරියෙන් එල්ලී මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ සෙල්වරාජ් විජිතා සංජීවනී නමැති තරුණියක්..
ඇය පෞද්ගලික රෝහලක හෙදියක් ලෙස සේවය කර ඇති අතර ර්‍ර්ශ්‍රායලයේ රැකියාවක් සඳහා පිටත්ව යෑමට රැකියාවෙන් ඉවත් වී දැනට දින කිහිපයකට පෙර රැකියාවෙන් ඉවත් වී මිත්තණියගේ නිවසට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ..
මිත්තණියගේ නිවසේ රැදී සිටි මෙම තරුණිය මිත්තණිය බෙහෙත් ලබා ගැනීම සදහා නගරයට ගිය අවස්ථාවකදී මෙසේ සියදිවි නසාගෙන තිබෙනවා..
ඇගේ වියෝව පිළිබඳව මිත්තණිය අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ පෙර දින රාත්‍රියේ ඇය පෙම්වතා සමඟ බහින්බස් වීමක් ඇතිකරගෙන සිටි බවයි..
නමුත් පෙම්වතා ප්‍රකාශකර සිටියේ මෙවැනි අදහසක්..
''ඒ ගෙදර අයට ඕන සල්ලි විතරයි. මේ ගැන එයා මට නිතර කියනවා. ඒ ගැන පහුගිය දිනවල එයා හරි දුකෙන් හිටියේ. දුක උහුලගන්න බැරිව මේ දේ කරගෙන ඇති කියලා මම හිතනවා''
