මේ කියන්න යන්නේ අද උදෑසන අසන්න ලැබුණ කණගාටුදායක ආරංචියක්..
ඒ තවත් ප්‍රබල මන්ත්‍රීවරයෙක් ගමන්ගත් ජීප් රථයක් අනතුරට පත්වෙලා..
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය මෙලෙස අද අනතුරට ලක් වුණේ, ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී බව හිරු අප කළ විමසීමකදී නාරාහේන්පිට පොලිසිය පැවසුවා..
අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා..
තුවාල ලැබූවන් අතර මෝටර් රථයේ රියදුරු සහ මගියෙකු ද වන බවත් ඔවුන් තිදෙනාම, තිදෙනාම නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පවසනවා..