පාට කුරුල්ලෝ මේ දිනවල ඉතාමත් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශය වෙන ටෙලි නාට්‍යය.
මේ ටෙලි නාට්‍යයේ හැම චරිතයකටම නොසෑහෙන්න ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා.
පාට කුරුල්ලෝ හැඩ කරන ප්‍රේක්ෂක සිත් දිනාගත්ත තවත් චරිතයක් තමයි මංජිතගේ අයියා.
ලොකු බ්‍රදර්.ඔහු ලොකු බ්‍රදර් කියලා දැනගෙන හිටියට ඔහුගේ ඇත්තම නම් දේවින්ද වික්‍රමසිංහ.
ඔහු රංගන ශිල්පියෙක් වගේම කථිකාචාර්‍යවරයෙක් ලෙසත් කටයුතු කරන අයෙක්.
මේ ඒ ගැන ඔහු කියපු කතාව.
කථිකාචාර්යවරයෙක් විදිහට මේ වගේ චරිතයක් රඟපාන්න දෙගිඩියාවක් ඇතිවුණේ නැද්ද?
ඒක ඉතින් රංගනයක්නෙ. රංගනය කියන්නෙ මගේ ප්‍රධාන විෂය. මට තියෙන්නෙත් රංගනය පිළිබඳ විශේෂවේදී උපාධියක්. අනිත් අතට මං විශ්වවිද්‍යාල දරුවන්ට උගන්වන්නෙත් නාට්‍ය හා රංග කලාව. අනිත් අතින් මේක සුබ සහ යස කතාව නැවත සිහිපත් කරන අපූරු කතාවක
