Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
17
"රත්තරන් දැක්කම මන්තරය අමතක වුණා...මම වෙද මහත්තයවත් ඇදගෙන එළියට දුවගෙන ආවා...ඇවිත් තත්පරයක්වත් ගියෙ නෑ ගල් දොර වැහුණා"

- "රත්තරන් දැක්කම මන්තරය අමතක වුණා...මම වෙද මහත්තයවත් ඇදගෙන එළියට දුවගෙන ආවා...ඇවිත් තත්පරයක්වත් ගියෙ නෑ ගල් දොර වැහුණා"Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
ඉතිහාසයේ විසූ විවිධ පාලකයන් තමන් සතු ධනය, මුතු මැණික්, රන් රිදී ආරක්ෂා කරනු පිණිස විවිධාකාරයෙන් නිදන් කිරීම, සඟවා තැබීම සිරිතක්ව පවත්වාගෙන පැමිණ ඇති අතර ඒ ඒ යුගයන්ට අනුව එලෙස වස්තුව ආරක්ෂාව උදෙසා විවිධ ක්‍රමෝපායන්ට අනුව තැන්පත් කිරීම සිදුකොට තිබේ.

ඒ සියලු තැන්පත් කිරීම් නිදන් ලෙස හැඳින්වෙන අතර ඒ ඒ දෑ පිළිබඳ ඉපැරැණි පොතපතෙහි සඳහන් කරන්නටත් එම තැන්පත්කරුවන් කටයුතු කර තිබෙන අවස්ථා දක්නට ලැබේ.

එවැනි සටහන් නිදන් වදුල ලෙසද හඳුන්වන අතර යම් අයකු එසේ තම වස්තුව නිදන් කිරීමේදී එහි ආරක්ෂාවට බහිරවයකු නිර්මාණය කරන බවත් ඒ හා බැඳුණු අපූරු කතාත් ජනප්‍රවාදයේ එයි.

ඉන් එක් කතාවකට අනුව එම වස්තුව හිමිකරුවන් තම වස්තුව නිදන් කිරීමට සුදුසු ස්ථානයට ගෙන ගොස් එය ආරක්ෂා කළ හැකි හැඩිදැඩි පුද්ගලයකුද එම ස්ථානයට කැඳවයි. පසුව එම වස්තුව අදාළ පුද්ගලයාට භාරදී වස්තුව නිසි පරිදි ආරක්ෂා කළහොත් ඉන් අඩක් ඔහුට ලබාදෙන බව පවසා වස්තු හිමියා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් පෙර කී පුද්ගලයාට රහසින් පැමිණ ඔහුගේ ගෙල සිඳ මරාදමනු ලබයි.

වස්තුව ආරක්ෂා කරගැනීමේ අදහසත්, වස්තුවට ඇති ආශාවත් නිසා එම තැනැත්තා බහිරවයකු වී අදාළ වස්තුව ආරක්ෂා කරන බවට පැරැණි ජන සමාජයේ විශ්වාසයක් වෙයි. මේ හේතුව මත යම් කෙනකු යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කර නිදානයක් ගතහොත් ඉන් අඩකින් පින්දහම් සිදුකළ යුතු බවටද බොහෝ අය අතර මතයක් වේ.

එම පින් බහිරව ජීවිතයක් ලබා සිටින පුද්ගලයාට අනුමෝදන් කර යහපත් ආත්මයක් ප්‍රාර්ථනා කළ යුතුය යන්නත් ඇතැම් අය අතර විශ්වාසයක් වෙයි.

එලෙස සඟවා තැබූ නිදන් විවිධාකාරයේ යන්ත්‍ර මන්ත්‍ර භාවිතයෙන් ලබාගැනීම එදා මෙන්ම අදත් දක්නට ලැබෙයි. ඇතැම් අය රහසේ කරන මෙම කටයුත්ත නීති විරෝධී කාර්යයක් වුවද නිදන් ලබාගැනීම සම්බන්ධ විවිධ කතා පුවත් ජන සමාජය තුළ විවිධාකාරයෙන් ඇසෙයි.

එසේ ඇසෙන කතා පුවත් අතර ඇතැම් සිදුවීම් අතිශය බියජනක අත්දැකීම් වේ.

දැනට වසර ගණනාවකට ප්‍රථම එක්තරා ප්‍රසිද්ධ ගුරුන්නාන්සේ කෙනකු සමග නිදානයක් ලබාගන්නට ගිය පුද්ගලයකු කිසිවකුටත් නොකියා සඟවාගෙන සිටි කතාවක් හෙළි කළේ මෙලෙසිනි.

''මට එතකොට වයස අවුරුදු 19යි. ඒ, දැනට අවුරුදු හැටකට කලින්. ඒ කාලේ මං හොඳ හයිහත්තිය ඇති ඉලංදාරියා. තනියෙන් කළු ගලක් වුණත් පෙරළන්ට ඇහැකි ශක්තියක් අපට තිබුණා. කෑවෙ කොස්, දෙල්, අල, බතල. දැන් වගේ වස විස කෑවෙත් නැහැ නොවැ. ඉතින් හොඳ හයි හත්තිය ඇතිව බේතක් හේතක් නැතිව යසට උන්නා. ඔය සන්දියෙ අපේ ගමේ හිටිය වෙද මහත්තැන් කෙනෙක්. මං එයැයි ළඟ ආවතේවකම් කරන්නත් යනවා. දවසක් ඔහොම ගිය වෙලාවක වෙද මහත්තයා ඇහුවා ‘බණ්ඩා මනාප නැද්ද ලොකු සල්ලිකාරයෙක් වෙන්ඩ?’ කියලා. මං කිව්වා මනාපයි කියලා. ඒ ගමන ඇහුවා නිදානයක් තියෙනවා ගමුද කියලා. සල්ලි තණ්හාවට නොවුණත් මං කැමැති වුණා. වෙද මහත්තය කිව්වා මං සේරම ලෑස්ති කරගෙන කියන්නම් කියලා.

දවස් ගානකට පස්සෙ දවසක් වෙද මහත්තයා මට ගමනට කතා කළා. වෙද මහත්තයගෙ මස්සිනා කෙනකුත් ගමනට සම්බන්ධ වුණා. අපි තුන්දෙනාගේ උදව්වට වෙද මහත්තයාගෙ ගෙදර හිටපු ගොළු මනුස්සයත් ආවා. අඩුම කුඩුම අරගෙන රෑ දහයට විතර කට්ටියම කැලේට ගියා. ලොකු ගලක් ළඟ නතර වෙලා පූජාව පටන් ගත්තා. සෑහෙන වෙලාවක් එක එක මන්ත්‍ර කියමින් දුම් අල්ලමින් වෙද මහත්තයා ගල දිහා බලමින් හිටියා. පස්සේ මට කතා කරලා කිව්වා බණ්ඩා දැන් මෙතැන ගල් දොරක් ඇරෙයි. උඹත් මේ මලු දෙක අරගෙන මගෙත් එක්ක වරෙන් කියලා. ඒ කියලා වැඩි වෙලාවක් ගියේ නෑ. ගල් පර්වතේ අයිනෙ තිබුණු ලොකු ගල් පතුරක් එහාට තල්ලු වුණා. එතැන ගල් ගුහාවක් තිබුණේ. වෙද මහත්තයා පන්දමත් අරගෙන මතුරමින්ම ඇතුළට ගියා. මාත් මලු දෙක අරගෙන ගියා. එක තැනක ගල් මේසයක් වගේ එකක් තිබුණා. ඒක උඩ පොට්ටනි තුන හතරක් තිබුණා. වෙද මහත්තයා මතුරමින් පොට්ටනියකට අත තියද්දි ඒක ඉරිලා ගිහින් රත්තරංද කොහෙද හැම තැනම විසිවුණා.

‘විනාසයි. ඉක්මනින් අහුලාපිය ඔව්වා…’ කියලා වෙද මහත්තයා කෑගැහුවා. එතකොට මන්තර කියවිල්ල නතර වුණා. ඒ එක්කම එළිය හිටිය අයකු කෑගහන සද්දයක් ඇහුණා. මං වෙද මහ්තතයාට කිව්වා යං යං කියලා. ඒත් වෙද මහත්තයට වගක් නෑ. එයා වැටිච්ච රත්තරං අහුලනවා. මං ටක්ගාලා වෙද මහත්තයවත් ඇදගෙන එළියට දුවගෙන ආවා. ඇවිත් තත්පරයක්වත් ගියෙ නෑ ගල් දොර ආයෙත් වැහුණා. වෙද මහත්තයා මට බණිනවා. ඒත් එයාගෙ මස්සිනා කිව්වා පණ බේරගෙන ආව එක ලොකු දෙයක්. මස්සිනා මන්තර ජපය නතර කරපු නිසයි මේ වින්නැහිය කියලා. වෙද මහත්තයත් ඒක පිළිගත්තා. එදා වෙද මහත්තයා එයාගෙ අතේ ගුළි කරගෙන ආපු රත්තරන් කාසියක් වගේ එකක් වෙද මහත්තයා මියැදෙනකම්ම ළඟ තිබුණා. ඊට පස්සෙත් කීප වතාවක් ඔය නිදානෙ ගන්න වෙද මහත්තයා උත්සාහ කළා. ඒත් හරිගියේ නෑ. මං හිතන්නේ ඒ නිදානේ දැන් නැතිව ඇති. මෑතකදි ඒ ගල යන්ත්‍ර සූත්‍ර දාලා කඩනවයි කියලා අපේ ගෙවල් ළඟ දරුවෙක් කාටදෝ කියනවා මං අහගෙන.''
 
නම්ගම් සියල්ල මනඃකල්පිතයි.
කුමාර රත්නායක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top