2024 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති "මාස්ටර් චෙෆ්" කිරුළ දිනූ ඇය ගැන දැන් හැමෝම කතා වෙනවා..
මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති මාස්ටර් චෙෆ් ඉවුම් පිහුම් තරගාවලියේ දී 3වන ස්ථානය දිනාගත් ශ්‍රී ලාංකික ජයග්‍රාහිකාව වන සවින්ද්‍රි පෙරේරා ඊයේ දිවයිනට පැමිණියා...
මෙම තරඟය සජීවීව ලොව පුරා විකාශනය කර තිබූ අතර, ඇය මෙම ජයග්‍රහණයත් සමග තම පියා ඇතුළු නෑදෑ හිතවතුන් දැක ගැනීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා..
කටුනායක ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ සවින්ද්‍රි පෙරේරා තමන් ලද ජනයග්‍රහණය ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..
"මට මෙම ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ දී ජයග්‍රහණය සදහා මාවත සකස් කර දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන . මෙම තරගාවලියේ දී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත් , කළුපොල් මාලුව , මාළු මිරිසට හොදි සමග මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා . මම මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිතා කළා . ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට හැකි වුණා."
ඇය ලද ජයග්‍රහණයෙන් පසු සවින්ද්‍රි පිළිගැනීම සදහා ඇයගේ පියා මෙන්ම තවත් නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා...
