අම්මෙකුගේ - දරුවෙකුගේ බැඳීම ඇත්තටම ගොඩක් ලස්සනයි..
එහෙම කියලා තමයි ඒ ගැන කතා කරන ගොඩක් දෙනෙක් කියන්නේ..
ඒත් අවසානයේදී මේ වගේ ඇසෙන අවාසනාවන්ත කතා නිසා ඒ බැඳීමත් දැන් බිදී යන තැනට ඇවිත්දෝ කියන ප්‍රශ්නය මතු වෙනවා.. දරුවෙකුට තමන්ගේම අම්මාට මෙහෙම කරන්න පුළුවන්ද..?
ඒත් ඔහු ඒ තරම්ම සාහසික අදහස්වලින් පිරි අයෙක් වෙලා... මේ කතාව අපට ඇසෙන්නේ ඉන්දියාවෙන්.. වයස අවුරුදු 22ක් වෙන පුතෙක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක් තුළ දී සිය මවට ගිනි තැබූ පුවතක් වාර්තා වෙනවා.. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ඉඩමක් සම්බන්ධයෙන් පවුල තුළ ඇති වූ ආරවුලක් මේ සිද්ධියට මුල්වී තිබුණා..
එය විසඳාගැනීම සඳහා මෙම මව සහ පුත්‍රයා ඊයේ දිනයේ පොලිසියට වෙත කැඳවා ඇති බව සඳහන් වෙන්නේ.. එම අවස්ථාවේ දී පුත්‍රයා විසින් මෙලෙස සිය මවට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ...
පොලිස් නිලධාරීන් මැදිහත්ව ගින්න මැඩපැවැත්වීමට කටයුටුහ් කළ අතර, එහිදී නිලධාරීන්ද පිළිස්සුම් තුවාල ලබා තිබුණා..
පිළිස්සුම් තුවාල ලබාසිටි අදාල කාන්තාව වහාම රෝහල් ගත කිරීමට එම පිරිස පියවර ගත්තත්, බරපතළ තත්ත්වයෙන් පසුවූ ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණා.. මේ අතර, සැකකාර පුත්‍රයා විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබුණේ..