දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දවස්වල වාර්තා වූ පුවත් සමඟ එකිනෙකට වෙනස් ආන්දෝලනාත්මක කතා අහන්න දකින්න ලැබෙනවා..
ඊයේ රාත්‍රියේදීත් එවැනිම සිද්ධියක් වාර්තා වුණේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන්..
අම්බලන්ගොඩ බෝගහවත්ත, කන්ද මාවතේ නිවසක් ඉදිරිපිට නිවෙස් හිමියාට වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පලාගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා..
මියගොස් ඇත්තේ හිනිදුමගේ ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නම් 41හැවිරිදි දෙදරු පියෙක්..
මොහු 2002 වසරේ 19පහල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්..
පසුව ඔහු විදෙස් රැකියාවකද නිරතව සිට තිබෙනවා..
නිවස ආසන්නයේ ඇති අවමගුලකට යාමට සූදානම්ව සිටි මෙම පුද්ගලයා, ඊයේ රාත්‍රි 9.30ට පමණ නිවස ඉදිරිපිට ඔහුගේ යතුරුපැදිය අසල දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ.
සැකකරුවන් නිවස පිටුපස ඇති පාළු ඉඩමකින් පැමිණ බෝර 12 උණ්ඩ යොදන ගිනි අවියකින් වෙඩිතබා පා ගමනින්ම පළාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ..
එම ස්ථානයේ තිබිබෝර 12 උණ්ඩ කොපුවක්ද හමුව තිබෙනවා..
මියගිය පුද්ගලයා ආදාදොල මානවඩුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු බවත් බූරුවාපිටි මංකොල්ලකෑම්වලට සම්බන්ධයක් ඇති බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා..
විදෙස් රටක සේවය කරමින් සිට ඇති මොහු මීට මාස 03කට පෙර මෙරටට පැමිණ ඇති බවද වර්තා වෙනවා..
ඊයේ රාත්‍රියේ මහෙස්ත්‍රාත් පරික්ෂණ පවත්වා මළසිරුර බළපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි..
මෙම ඝාතනය පාතල ක්‍රියාවක්ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලිසිය සිදුකරනු ලබනවා..