කිසිවෙකුත් කිසිවිටකත් අපේක්ෂා නොකළ මේ පුවත ඇසෙන්නේ ඕමානයෙන්..
ඕමානයේ මුස්ලිම් දේවස්ථානයක් අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ..
අද අලුයම මෙම ප්‍රහාරය එල්ල වූයේ මස්කට් අගනුවරට නැගෙනහිරින් පිහිටි දිස්ත්‍රික්කයක් වන Wadi al-Kabir හි ෂියා මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් අතරතුරදීයි..
ඕමාන පොලිසිය පැවසුවේ ඔවුන් “තත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලුම ආරක්ෂක පියවරයන් සහ ක්‍රියා පටිපාටි” ගනිමින් සිටින බවයි..
සිද්ධිය සම්බන්ධ තත්ත්වයන් අනාවරණය කර ගැනීම සඳහා බලධාරීන් දිගින් දිගටම සාක්ෂි රැස්කරමින් පරීක්ෂණ පවත්වමින් සිටිනවා,” යනුවෙන් පොලිසිය සඳහන්කර සිටිනවා..