Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
16
නිදහසක් ලැබුණු ගමන් එයා අන්තර්ජාලය පීරලා අම්මගෙ ලෙඩේ සනීප කර ගන්න ලෝකේ හොඳම වෛද්‍යවරුන් ගැන හොයපු එක.. සසර ගමනේ කෙළවරක් නැති ගනුදෙනුවලට තාවකාලිකව සමුදුන් මවකගේ සහ පුතෙකුගේ අනුවේදනීය කතාව මෙන්න..

- නිදහසක් ලැබුණු ගමන් එයා අන්තර්ජාලය පීරලා අම්මගෙ ලෙඩේ සනීප කර ගන්න ලෝකේ හොඳම වෛද්‍යවරුන් ගැන හොයපු එක.. සසර ගමනේ කෙළවරක් නැති ගනුදෙනුවලට තාවකාලිකව සමුදුන් මවකගේ සහ පුතෙකුගේ අනුවේදනීය කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
දරුවෙකුට අම්මෙක් කියන්නේ මේ ලෝකේ ඉන්න වටිනාම සම්පතක්.. ඒ වගේමයි මේ ආත්මීය බැඳීමට නිර්වචනයක් දෙන්න අද වෙද්දී කාටවත්ම බැරි වෙලා..

ග්‍රේස් වගේම හර්ෂණගේ කතාව තුළින් මේ කියන්නෙත් අන්න ඒ වගේ දුක්බර කතාවක්... අම්මට පිළිකාවක් හැදිලා කියලා දැනගත්ත දවසෙ ඉඳලා පුතා හිටියේ මානසිකව ඇද වැටිලා.. පුතා අන්තර්ජාලයෙන් අම්මගේ ලෙඩේ සුව කරන්න පුළුවන් විදි සොයා බැලුවා.. අම්මායි පුතයි හිටියේ එක අත්තක මල් වගේ.. පුතාට කරදරයක් නම් අම්මට දරා ගන්න බැහැ.. අම්මට කරදරයක් නම් පුතාට දරා ගන්න බැහැ.. විදේශගතව සිටින පුතා දිනපතා ගෙදරට කතා කරනවා.. දවස් තුනකින් කතා නොකළ නිසා එහේ සිටින ඥාතීන්ට කිව්වා පුතා ගැන සොයා බලන්න කියලා..

ඥාතීන් කතා කරලා කිව්වා පුතා හෘදයාබාධයක් හැදිලා ගෙයි ඇතුළේ මිය ගිහින් සිටියා කියලා.. මම බිරියට රහසින් අවසන් කටයුතු එහෙ කරන්න පියවර ගනිද්දි බිරිඳත් මිය ගියා.. පුතයි අම්මායි අතරේ තිබ්බේ සංසාරගත බැඳීමක්.. මේ දෙන්නාම එකටම මිය ගියේ ඒ බැඳීම නිසා යැයි දෙරටකදී එකට අවසන් ගමන් ගිය සිය බිරිය හා පුතා ගැන අදහස් දක්වමින් සුනිල් ලක්ෂ්මන් මහතා පැවසීය..

කැලණිය, පෙතියාගොඩ, මෑවැල්ල පාරේ අංක 349 නිවසේ පදිංචිව සිටි ග්‍රේස් වෛජයන්ති කෙලී මහත්මිය සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටි හර්ෂණ ශ්‍රී මධුශංක පුතු දෙරටේම නෑහිත මිතුරන් හඬවමින් ඊයේ (15) අවසන් ගමන් ගියේ මේ දෙපොළගේ සංසාරගත බැඳීම මනාව පැහැදිලි කරමිනි..

කැලණියේ එම නිවෙසට යන විට ඊයේ (15) මවගේ දේහය අවසන් ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබිණි.. එමෙන්ම ඇයගේ පුතා වූ හර්ෂණ ශ්‍රී මධුශංකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සිදු වන අයුරු zoom තාක්ෂණය ඔස්සේ දැක ගැනීමට පවුලේ ඥාතීන්ට අවස්ථාව ලැබී තිබිණි.. සිය සොහොයුරාගේ මරණය ගැන සොහොයුරිය ද දැඩි කම්පනයට පත්ව සිටියාය..

වැඩිදුරටත් අදහස් දක්වමින් සුනිල් ලක්ෂ්මන් මහතා මෙසේද පැසුවා..

මේ අම්මයි පුතයි එක ඉත්තක පිපුණු මල් දෙකක් වගෙයි. මගේ නෝනාගේ සහෝදරියන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත්වෙන්නේ.. ඔවුන් එහේ ස්ථීර පදිංචිකරුවන්. අපේ පවුලේ දුවයි පුතයි දෙන්නා විතරයි.. ඒ දෙන්නා යාළුවන් වගෙයි අයියට නංගිත් නංගිට අයියත් නැතුව බැහැ. අද මමයි දුවයි දෙන්නම තනි වුණා.. දුව විවාහකයි දරුවෙක් ඉන්නවා.. අපි මුළු පවුලම අගෝස්තු මාසේ ඔස්ට්‍රේලියාවේ යන්න සියල්ල සූදානම් කරගෙනයි හිටියේ..

මගේ පුතා ඔස්ට්‍රේලියාවේ රැකියාවට ගිහින් දැන් අවුරුදු පහක් විතර වෙනවා.. එයා ව්‍යාපාරික කටයුතු වගේම අත තබන ඕනෑම කාර්යයක් හරිම උනන්දුවෙන් විශ්වාසයෙන් කරන දරුවෙක්.. පුතාගෙ ලොකුම හීනය වෙලා තිබුණේ අපිව ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචියට ගෙන්වා ගන්න.. අපිට සුවපහසුවෙන් ජීවත්වෙන්න ඕනේ කියලා එයා ඔස්ට්‍රේලියාවෙන් ගෙයක් සල්ලිවලට ගත්තා.. අපි හැමෝගෙම බලාපොරොත්තුවලට තිත තියලා ඒ දෙන්නා එකට අවසන් ගමන ගියා..

මේ අවාසනාවන්ත මරණෙ වෙනකොට පුතා තනියම ඒ ගෙදර පදිංචි වෙලා හිටියේ අපි අගෝස්තුවල එනකන්.. මගේ නෝනා අසනීප ගතියක් පෙන්නුව නිසා අපි එයාව විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වලා පරීක්ෂණ කළා.. එතෙන්දි දැනගත්තේ එයාට කැන්සර් එකක් කියලා.. නොකියා බැරි නිසා පුතාට කිව්වා.. පුතා මේ ගැන මානසිකව ගොඩාක් වේදනාවෙන් හිටියේ.. එයා තනියම ඉන්න කොට නිතරම අම්මට කෝල් කරලා දුක සැප ඇහුවා..

මගේ නෝනා වේදනා විඳින්න හරිම බයයි.. එයාට කිමෝතෙරපි ප්‍රතිකාරය කරන්න කියලා ඩොක්ට කිව්වා.. මහරගම පිළිකා රෝහලේ නවත්තලා ඒ ප්‍ර‍තිකාරය එක් වතාවක් කළා.. ඒ වේදනාව නැවත විඳින්න නෝනා බයයි. බැහැම කිව්වා.. මාව ගෙදර එක්ක යන්න මට තවත් වේදනා විඳින්න බෑ කිව්වා..

පුතා කතා කරලා කිව්වා අම්මෙ ඔයා මෙහේ එන්න ඕනනේ ඉක්මන්ට සනීප වෙන්න එක වතාවක් හරි ඒ දේ කරන්න කිව්වමයි එක වතාවක් හරි කිමෝ තෙරපි එක කළේ..

පුතා මට ගිය මාසේ 15 කතා කරපු වෙලේ කිව්වා තාත්තේ මෙහේ හරිම සීතලයි.. මං අද ටීෂර්ට් පහක් ඇඳන් ඉන්නෙ කියලා.. අපි ගිය වසරේ සමර් එකට ඔස්ට්‍රේලියාවේ ගිහින් ඉඳලා ආවේ.. මගේ නෝනා කැමතියි එහේ ඉන්න.. එයාගේ බලාපොරොත්තුව තිබුණෙත් පුතා එක්ක අපි එහේ ඉදිමු කියලා.. පහුගිය දවසක පුතා මට කිව්වා තාත්තේ මට අපේ ආයතනයේ කළමනාකරු වශයෙන් උසස් වීමක් ලැබුණා කියලා.. ඒක අහපු නෝනත් ගොඩාක් සතුටු වුණා..

මොනවා ලැබුණත් පුතාට එක මොහොතක නිදහසක් ලැබුණු ගමන් එයා අන්තර්ජාලය පීරලා අම්මගෙ ලෙඩේ සනීප කර ගන්න ලෝකේ හොඳම වෛද්‍යවරුන් ගැන හොයපු එක..

මියගිය ග්‍රේස් වෛජයන්ති කෙලී මහත්මියගේ අවසන් කටයුතු කැලණිය පිලපිටිය රෝමානු කතෝලික සුසාන භූමියේදී 15 සවස සිදු කිරීමට නියමිතව තිබිණි..



දිනමිණ ඇසුරෙන්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top