ඔහු මේ වෙනුවෙන් කොයි තරම් නම් මහන්සි වෙන්න ඇතිද..? ඒත් අද ඒ මහන්සිය වංචාවකට හසු වෙලා...
දුප්පත් මිනිසුන්ගේ මුදල් එක්ක මේ වගේ සෙල්ලම් කරන්නේ ඇයි..? ඒ ගැන ප්‍රශ්නාර්ථයක් එක්කරමින් ඇසුණ කතාව මෙන්න..
මවක සහ පුත්‍රයෙකු බද්ධ ස්ථිර තැන්පතු ගිණුමක් හරහා බැංකුවේ තැන්පත් කර තිබූ, රුපියල් ලක්ෂ 50ක මුදලක් එම බැංකුවේම කළමනාකාරවරිය සහ ලිපිකාරිනියක එක්ව ව්‍යාජ ලේඛන සකසා සොරකම් කළ පුවතක් බදුල්ල පස්සර ප්‍රදේශයෙන් වාර්තා වනවා..
පස්සර ආරතැන්න සමූපකාර බැංකුවේ සිදුව ඇති මෙම වංචාව සම්බන්ධයෙන් කළමනාකාරවරිය සහ ලිපිකාරිනිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සඳහන් කළා..
පස්සර වැල්ලගම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි එච්.එම්. මුතුමැණිකා සහ ඇගේ පුත්‍රයා වන සුනිල් දිසානායක ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් දිවි සරි කරගන්නේ ගම්මිරිස් වගාව ඇතුළු තවත් භෝග කිහිපයකින් ලැබෙන ආදායමෙන්..
සුනිල් සහ ඔහුගේ මව වගාවෙන් උපයාගත් මුදල් පස්සර ආරතැන්න සමූපකාර බැංකුවේ බද්ධ ස්ථිර ගිනුමක් අරඹා විටින් විට තැන්පත් කර තිබුණා..
වසර කිහිපයක් ඇතුළත එම ගිනුමේ ශේෂය රුපියල් ලක්ෂ 50ක සීමාවට පැමිණ තිබූ අතර, ඔවුන් එම මුදල රැස්කර ගෙන තිබුණේ මහත් වෙහෙසක් දරමින්..
නිවසේ ප්‍රතිස්ංසරණයක් සඳහා පසුගිය දිනෙක එම ස්ථාවර තැන්පතුව ඇපයට තබා රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීමට බැංකුවට ගිය අවස්ථාවේ බැංකුවේ කළමනාකාරවරිය ඇතුළු නිලධාරීන් පවසා තිබුණේ, එම ගිනුමේ මුදල් නොමැති බවයි..
මේ සම්බන්ධයේ පස්සර ආරතැන්න සමූපකාර බැංකුවේ කළමනාකාරවරිය ඇතුළු නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට එම නිලධාරීන් තමන් සමච්චලයට ලක් කළ බව, සුනිල් සහ මුතුමැණිකා පවසනවා..
පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් විමර්ශන ආරම්භ වූ අතර ඉන් අනාවරණ වී ඇත්තේ අදාළ සමූපකාර බැංකුවේ කළමනාකාරවරිය සහ ලිපිකාරිනිය අදාළ ලක්ෂ 50ක මුදල ව්‍යාජ අත්සන් යොදා අවස්ථා කිහිපයකදී ලබා ගෙන ඇති බවයි..
ඒ සඳහා ඔවුන් සැකසූ ව්‍යාජ ලේඛන ද පොලිසිය සොයාගෙන තිබෙනවා..
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් දෙදෙනා පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය සඳහන් කළා..