අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකුවන ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන ලොවේම අවධානය යොමුව තිබෙනවා.
මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුරදී එල්ල වූ වෙඩි ප්‍රහාරය ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සිදුකළ ඝාතන උත්සාහයක් බව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. ආයතනය පවසනවා.
අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු තෝමස් මැතිව් නම් විසි හැවිරිදි තරුණයෙකු බවට අනාවරණ වී ඇති බවයි එෆ්.බී.අයි. ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙනිසිල්වේනියාවේ, බට්ලර් හිදී මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතන අතරතුරදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබුවා.
එම වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව නිසි පරිදි ආරක්ෂාව සපයා නොතිබීම සම්බන්ධයෙන් ඇමරිකානු රහස් ඔත්තු සේවාවට චෝදනාවක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායක මයික් ජොන්සන් ප්‍රකාශ කර කර තිබුණේ.
මෙහිදී රැළිය අමතමින් සිටියදී ඩොනල්ඞ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ලවු අතර එම වෙඩි ප්‍රහාරය එල්ලවීමත් සමග ට්‍රම්ප් සිය දකුණු කන අල්ලා බිමට පහත් වී තිබු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කළමනාකරුවන් සදහන් කර ඇත්තේ සිදුවූ වෙඩි තැබීමෙන් පසු මැතිවරණ ව්‍යාපාරයේ ආරක්ෂාව තර කරන බවයි.
මේ අතරම වෙඩික්කරු ට්‍රප්ට් හට වෙඩි තබා තප්පර 40ක් යාමට මත්තෙන් ඝාතනය කිරීමට අමෙරිකානු එෆ්.බී.අයි ස්නයිපර් වෙඩික්කරුවන් සමත් වුණා.
