ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශකතාව තුල දිගහැරෙන අපූර්වතම රූපවාහීනී අත්දැකීම් රැසක් ප්‍රේක්ෂක සහෘද ඔබට තිළිණ කරන හිරු ටීවී, රූපවාහිනී නව්‍යකරණයේ තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබන්නට සමත් වුණේ Hiru Golden Film Awards ජාත්‍යන්තරමය සිනමා සම්මාන උළෙලක අත්දැකීම ඔබ හමුවේ ගෙනඑමින්.
බොලිවුඩයේ සුපිරු නළු අනිල් කපූර්, බිපාෂා බාසු , සුනිල් ශෙට්ටි, විවේක් ඔබ්රෝයි සේම එදා මෙදාතුර බොලිබුඩ් සිනමාවේ බිහිවුනු විශිෂ්ටතම පසුබිම් ගායිකාව අල්කා යාග්නික්ගේ අපූර්ව ගායනයෙන්, නර්තයෙන්, මෙන්ම රංගනයෙන් Hiru Golden Film Awards 2014 වර්ණවත් වුණා.
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ නව්‍යමය සංකල්පයක් මත 2014 වසරේදී ඔබ හමුවට ගෙන ආ Hiru Golden Film Awards හි දැවැන්ත දෙවන දිගහැරුම මෙම වසරේදීත් අති උත්කර්ෂවත් ලෙසින් ඔබ හමුවේ තබන්නට පළමු වෙඩිමුරය පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණේ ලාංකීය සිමාන ක්ෂේත්‍රයේ දැවැන්තයින් දැනුවත් කිරීමේ හමුවත් සමඟයි.