බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලයේ හා මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබලයන් සේ සැලකෙන ගණේමුල්ලේ සංජීව,පොඩි ලැසී, වෙලේ සුදා හා කුඩු සලිඳු බන්ධනාගාරයේ සිටම නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරන බව වාර්තා වනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මේ බව අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ මෙම පාතාල අපරාධකරුවන් සතුව නවීන ජංගම දුරකථන හයක් තිබී සොයා ගැනීමත් සමග තොරතුරු අනාවරණය වූ බවයි.
ගණේමුල්ලේ සංජීව හා කුඩු සලිඳු නමැති දෙදෙනා වසර එකහමාරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත පොලිසියේ රඳවා සිටියා.
එම කාල සීමාවේදී ඔවුන් කිසිදු පාතාල හෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ නොවූ බවට පොලිස්පතිවරයා පැවසුවා.
නමුත් ඔවුන් බන්ධනාගාරගත කිරීමට පසුව ජංගම දුරකථන භාවිතා කරමින් පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාලය සමග කටයුතු කරන බවයි පැවසෙන්නේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් ඒකාබද්ධව ඉකුත් සිකුරාදා සෝදිසි මෙහෙයුමක් සිදුකළා.
එහිදී බන්ධනාගාරයේ දැඩි ආරක්ෂාව යටතේ රඳවා සිටි කුඩු සලිඳු සහ වෙලේ සුදා සතුව තිබී ස්මාර්ට් ජංගම දුරකථන 04ක් සොයාගෙන තිබුණා.
ඊට දවස් තුනකට පෙර බූස්ස බන්ධනාගාරය තුළම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගණේමුල්ලේ සංජීව සහ පොඩි ලැසී සන්තකයේ තිබූ ස්මාර්ට් දුරකථන 2ක් සොයාගෙන තිබුණා.
දික දෙකක් තුළ සිදු කළ වැටලීම්වලදී මෙසේ ජංගම දුරකථන 6ක් සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍යප්‍රකාශක ගාමිණී .බී දිසානායක හිරු නිවුස් වෙත පැවසුවා.
මේ ජංගම දුරකථන මොවුන්ට ලැබුණු ආකාරය සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.