අපරාධ කල්ලි නායකයකු වන රොටුබ අමිලගේ ලොකු අම්මාට දත් කැඩෙන්න පහර දුන් බව කියන සිද්ධියකට පළිගැනීමක් වශයෙන් කොලොන්න වතු හිමියා රුපියල් ලක්ෂ හතරක කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය අනාවරණ කරගෙන තිබෙනවා.
කොලොන්න ව්‍යාපාරිකයා ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු මිද්දෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි 02 ක්, බෝර 12 ජීව උණ්ඩ 02 ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, වෙඩිතැබීම සදහා පැමිණි බවට සැකකරන යතුරු පැදිය හා ජංගම දුරකතන 03 ක් සමඟ පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරකින් මියගිය පාතාල නායකයකු වූ මා කඳුරේ මධුෂ් සමග සෘජු සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණයවී ඇති බවයි පොලිසිය සඳහන් කරයි.