මහ මුහුද එදින උදෑසන තරමක් ප්‍රචණ්ඩය. දළ රළ අෑත දියඹේ සිට පැමිණ බෝට්ටු බඳේ වැදෙන්නේ ඒ ප්‍රචණ්ඩ බව විදහා පාමිනි. අෑත දියඹේ සිටින මත්ස්‍ය සම්පත ගොඩට ගෙන ඒම සඳහා දියඹට ගොස් සිටින ඩෙවෝන් දෙක සුපුරුදු රාජකාරිය ආරම්භ කිරීමට සූදානමිනි.
නමුත් ඊට සැතපුම් කිහිපයකට දුරින් සිටි සිය සහෝදර යාත්‍රාවෙන් නිකුත් වූයේ අෙදා්නා නාදයකි. මසුන්ගේ පණ ගැහෙන හැටි ඇති තරම් දැක ඇති ඔවුන් සිය මිතුරන්ගේ පණ ගැහෙන හැටි අසා වහාම යාත්‍රාව වෙනත් මඟකට ගත්තේය.
මේ ඩෙවෝන් 5 බහුදින යාත්‍රා ඛේදවාචකයේ මෙතෙක් නොඇසූ කතාවකි. “දවස් දෙකකට කලිනුත් හමුවුණු මිතුරන් ටික පොලිතීන් බෑග්වලට දාලා ගැට ගහලා මාළු ගේනවා වගේ ඇඟවල් උඩට අයිස් දාලා වෙනම ශීත පෙට්ටියක මළ සිරුරු හතරම දැම්මා.”
“අපිට දුක වාවන්නේ නැහැ. ඒත් අපේ උදව්වට කවුරුත් නැති බව අපිට තේරුණා. යාළුවන්ගේ මළ සිරුරු ටික ගොඩට ගේන්න මට උපදෙස් ලැබුණා. මේ වෙද්දී අපි මුහුදු සැතපුම් තුන්සියහැටකට එහා පැත්තේ හිටියේ. මේක දවස් තුනක විතර ගමනක්. නිකං ගමනක් නෙමේ මේක. මැරුණු යාළුවො ටික මාළුවෝ වගේ ශීත පෙට්ටියකට දාගෙන, ඔවුන්ගේ කැඩුණු ධීවර බෝට්ටුවත් ඇදගෙන ගොඩට එනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙමෙයි කියලා මට තේරුණා.”
ඒ හඬ ප්‍රදීප් වීරවර්ණගේය. මුහුදේ පාවී ආ මාරයාගෙන් යාත්‍රාව තුළම දිවි අහිමි වූ සිය මිතුරන් සිවුදෙනා ගොඩට ගෙන ඒමේ භාරධූර කාර්යය නියම වූයේ ඔහු ප්‍රමුඛ ඩෙවෝන් දෙක බහුදින ධීවර යාත්‍රාවටය.
ඔහු තංගල්ල ධීවර වරායට පැමිණ සිදුවූ සියල්ල මතක් කරමින් මුහුද දෙස බලා සුසුමක් හෙළීය. විශාල දුකක් මැද ඔහුට ඇත්තේ සිය මිතුරන්ගේ මළ සිරුරු මුහුදේ නොදමා ඒමේ සතුට පමණය. මිතුරන්ගේ මළ සිරුරු මුහුදට දැම්මේ නම් එය මුහුදු මත්ස්‍යයන්ගේ ආහාර වේලක් වනු නිසැකය.
ඔහු කතාව ආරම්භ කළේ දෙනෙතෙහි කදුළු පුරවාගෙනය.
“මේ ඛේදවාචකය වෙන්න කලින් දවස් දෙකකට පෙර එනම් 27 වැනිදා ඩෙවෝන් පුතා පහ යාත්‍රාව අපිට හම්බ වුණා. එදා ඔවුන් හරි සතුටින් හිටියේ. මාළු කිලෝ ෙදාළොස්දාහක් විතර ඔවුන් අල්ල ගත්ත කියලා කිව්වා”එහි මූල්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 75ක් පමණය.
“තව දවස් දෙක තුනකින් ඔවුන් ගොඩට එන්න හිටියේ. ඔවුන්ට හොඳට මාළු අහුවෙලා තිබුණා. විසිහත් වැනිදා ඔවුන් අපිට හම්බ වුණාට පස්සේ ඔවුන් හොඳ අරක්කු ටිකක් බීලා ඉන්නේ කියලා කිව්වා. ඒකෙන් ටිකක් අපිටත් දුන්නා. ලීටරයක් විතර තමයි අපිට දුන්නේ. ඒත් මං අපේ අයට කිව්වා ‘පන්න කරගන්න ඕනේ’ (ධීවර රස්සාව) ඒ නිසා ඕක පස්සේ බොමු කියලා.
අවසන් වරට අපි එදා හමු වුණේ කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි. එදා ඒ බෝට්ටුවේ හිටපු කිහිපදෙනෙක් ෙදාඩව ෙදාඩව හිටියේ. අපිට තේරුණා වෙරි වෙලා ඉන්නේ කියලා. ඒත් අපිට අවශ්‍ය වෙච්ච බඩු ටිකක් ඒ බෝට්ටුවෙන් දාගෙන අපි ආවා.
අපි හැමදාම පාන්දර පහට, උදේ හතහමාරට, ඒ වගේම උදේ නවයට රේඩියෝ සංඥා මාර්ගයෙන් අහළ පහල ඉන්න ධීවර යාත්‍රා අමතනවා. අපි එකිනෙකා ගැන හොයලා බලන්නේ ඒ වේලාවන්වලට. අපේ බෝට්ටු හිමියනුත් ඒවට සම්බන්ධ වෙනවා. ඒ ගොඩබිමේ ඉඳලා. නමුත් විසිඅට වැනිදා ඒ කිසිදු රේඩියෝ පණිවුඩයකට ඔවුන්ව සම්බන්ධ කරගන්න බැරි වුණා.”
මුහුදු රස්සාව යනු වෙනම ආරයක රස්සාවකි. මුහුදු රස්සාවට යන දවස ඔවුහු කල් තියා දනිති. ඒ නමුත් එන දවසක් නොදනී. සමහර වෙලාවට ගොඩට ඒමටවත් හැකිදැයි ඔවුහු නොදනිති.
මුහුදේදී ඔවුන්ගේ සරණ වන්නේ ඔවුන් අදහන දෙවියන් වහන්සේය. නැති නම් ඔවුන් අදහන වෙනත් ශාස්තෘවරයෙකි.
ඩෙවෝන් පහ යාත්‍රාවෙන් මෙලෙස කිසිදු හැලහොල්මනක් නොමැති නිසා ප්‍රදීප්ලාද සිය මිතුරන් ගැන දැඩි අවධානයෙන් පසුවිය.
“විසිනව වැනිදා උදේ අටයි තිහට විතර අපිට ඇමතුමක් ලැබුණා ඩෙවෝන් පහ යාත්‍රාවෙන්. මෙම ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් සුජිත් තමයි අපට ඒ ඇමතුම ලබා දුන්නේ. ඔහු කිව්වා මුහුදෙන් පාවෙලා ආපු බෝතලේ ඒ කට්ටියම බිව්වා කියල. උදේ වෙනකොට ස්කීපර් මැරිලා කියලා ඔහු අපිට දැනුම් දුන්නා. අනිත් අයත් වේදනාවෙන් කෑ ගගහා ඉන්නවා කියලත් කිව්වා. ගොඩ දෙනෙක්ගේ ඇස් පේන්නෙත් නැහැ කියලා ඔහු දැනුම් දුන්නා. පස්සේ අපි මේ බව ගොඩබිමට දැනුම් දීලා මුහුදු සැතපුම් දහතුනක් වගේ පසු කරන් එදින උදෑසන දහයයි තිහට, එකොළහට වගේ ඔවුන් සිටි යාත්‍රාවට ළං වුණා.
අපේ යාත්‍රාවේ මමයි වසන්ත කුමාරයි ඉඳලා ඩෙවෝන් පහ යාත්‍රාවට සිසිර කුමාරයි, ගයාන්වයි, චමිදුයි, සුජිත් මුතුමාලවයි දැම්මා.
ඒ වෙනකොටත් ස්කීපර් නැති වෙලා තිබුණේ. අපේ අනිත් අය ළතෝනි දෙනවා. විකාර කියවනවා. ළමයින්ට කතා කරනවා. අපිට බේර ගන්න කියනවා. අපේ ඇස් පනාපිටම ඔවුන් සැරින් සැරේ එකා දෙන්නා ගානේ මැරුණා. මේ අස්සේ අපිට රේඩියෝ පණිවුඩයක් ලැබුණා වෛද්‍යවරයෙක් සම්බන්ධ කරලා. ඔහු කියපු විදිහට අපි මොවුන්ට පොල් කිරි දුන්නා. දිවි බේරුණු සුජිත්ට විතරයි හරියට පොල් කිරි ටික බොන්න පුළුවන් වුණේ. අනිත් හැමෝටම ඒක කරගන්න බැරි වුණා. අපි එයාලට කිව්වා කොහොම හරි පොල් කිරි ටික බොන්න.
ඩොක්ටර් කියන්නේ කියලා. එයාලගේ මුහුණුවලින් අපි දැක්කා ජීවත් වෙන ආසාව. ඒත් එයාලට පොල් කිරි ටික කටට ගන්නවත් බැහැ. ඒ තරම්වත් එයාලට පණ නැහැ. බෝට්ටු හිමිකරු ලොකු කැප කිරීමක් කළා මේ වැඩේට. නාවික හමුදාවටත් කලින් පුළුවන් තරම් ඉක්මනට එයා වෛද්‍යවරයෙක් රේඩියෝ සංඥා ඔස්සේ සම්බන්ධ කළා. මං හිතන්නේ ඒ නිසා තමයි සුජිත් හරි බේරුණේ. 29 වැනිදා රෑ ෙදාළහ වගේ වෙනකොට බෝට්ටුවේ හිටපු හතර දෙනෙක්ම මැරිලා. රෑ 12න් පස්සේ බෝට්ටුවත් කැඩුණා.”
විශාල බහුදින යාත්‍රාවෙත් එන්ජිම අක්‍රියවීම හේතුවෙන් එයත් මහ මුහුදේ පාවෙන්නට පටන් ගත්තේය.
“පස්සේ අපි මහ රෑම මේ කැඩුණු බෝට්ටුවට කඹ දාලා ගැට ගහලා ඇදගෙන එන්න පටන් ගත්තා. අපිට වේගයෙන් යන්න බැහැ. මොකද බෝට්ටු එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බෝට්ටුව අදින එක ලේසි නැහැ. අපිට තේරුණා දවස් තුනක් විතර යනවා තංගල්ල ධීවර වරායට මේ බෝට්ටුව ඇදගෙන යන්න කියලා. තිස් වැනිදා උදෑසන අපිට දැනුම් දුන්නා මේ බෝට්ටුවේ බේරිලා ඉන්න ධීවරයෝ දෙන්නව සිංගප්පූරු නැවකට බාර දෙන්න කියලා. පස්සේ අපේ යාත්‍රාවට ඔවුන් දෙන්නව නංවාගෙන හැතැක්ම කිහිපයක් ගිහිල්ලා ඔවුන්ව බාර දුන්නා.
සිංගප්පූරු නෞකාවෙන් දැනුම් දුන්නා මේ ලෙඩ්ඩු දෙන්නා බාරගන්නව නම් අපේ ධීවරයෙකුත් ඒ නෞකාවට නඟින්න ඕනි කියලා. සිසිර කුමාර තමයි ඒ නෞකාවට නැග්ගේ. ඒක මහ විශාල නෞකාවක්. අපේ ලෙඩ්ඩු දෙන්නව ඒ නෞකාවට දුන්නෙත් ලොකු වෙහෙසක් දරලා. ක්‍රේන් එකකින් තමයි එයාලා උස්සලා ගත්තේ. කොහොම හරි අපි පුළුවන් තරම් ඉක්මනට පැය තුනකින් පමණ සිංගප්පූරු නෞකාවට ඇවිල්ලා මේ බාරදීම සිද්ධ කළා. ඒක භාණ්ඩ ප්‍රවාහන නැවක්. ලොකු සෙනඟක් එහි සිටියා. ඔවුන් අපේ අයට උදවු කළා. මාත් හිතුවේ ධීවරයෝ දෙන්නාම බේරෙයි කියලා. ඒත් නැවෙන් දනුම් දුන්නා එක් ධීවරයෙක් මිය ගියා කියලා. ඔහුගේ දේහය තමයි නේවි එකෙන් ඇවිත් සුජිත් එක්ක ගත්තේ.”
අවසානයේ මුහුණපෑමට සිදුවූයේ මළ සිරුරු දමා ගත් යාත්‍රාවද ඇදගෙන ගොඩබිමට යාත්‍රා කිරීමටය. එම ගමන ගැන ස්කීපර්වරයා සිය අත්දැකීම විවරණය කළේ මෙසේය.
“මළ සිරුරුයි මාළුයි එකට දාගෙන මේ යාත්‍රාව ඇදගෙන එන්න අපිට සිද්ධ වුණා. මහ මුහුදත් ඒ දවස්වල හරි ප්‍රචණ්ඩයි. දවස් තුනක් මම නිදාගන්නෙ නැතුව එක පිම්මෙන් මේ ගමන ආවා. මොකද මට සිද්ධ වුණා පරිස්සමට මේ මළ සිරුර ටික ගොඩබිමට ගේන්න ඕනේ කියලා. ඒකට අපේ කොල්ලෝ ටික ඔක්කොම සහයෝගයක් දුන්නා. සමහර වෙලාවට අපේ කොල්ලෝ බෝට්ටුව පැදලා මට පැයක් විතර නිදාගන්න කිව්වා. ඕන්නම් මේ ගමනටම එහෙම දෙපාරක් විතර මම නිදාගන්න ඇති. අපේ කොල්ලෝ ටිකත් එහෙමයි. ඔක්කොම ඇහැරිලා හරියට කෑමක්වත් නැතුව ගොඩබිමට මේ යාත්‍රාව ගෙන ආවා. මුහුදේ ප්‍රචණ්ඩ බව නිසා අට පාරක් විතර බෝට්ටු දෙක ගැට ගහලා තිබ්බ කඹේ කැඩුණා. පස්සේ අපි රෑ දවල් බලන්නේ නැතුව මුහුදට බැහැලා කඹේ ආයෙත් ගැටගහගෙන ආවේ.
අපි තියෙන කඹ ඔක්කොම දාලා ලොකු කඹයක් හදලා තමයි යාත්‍රා දෙක ගැටගැහුවේ. ඒවා ලොකු කඹ. ලේසියෙන් ගැට ගහන්නත් බැහැ. කඹේ කැඩුණට පස්සේ අපි මුහුදට බැහැලා පැය ගාණක් කඹේ එක්ක පොර බදන්න ඕන. ඒකටම වෙනම පැය ගාණක් ගියා. අපේ ඉන්න පිරිසටත් මහන්සියි. මොකද මුහුදත් එක්ක පොර බදලා කඹය බෝට්ටු දෙකට ගැට ගහනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.
අන්තිමට මුහුදු සැතපුම් හැත්තෑව හරියෙ වෙනත් යාත්‍රාවක් ඇවිල්ලා අපිට සහාය ලබා දුන්නා. අපේ යාළුවන්ට පණ එනවා නම් ඕන දෙයක් කරන්න අපි ඒ වෙලාවේ ලෑස්ති වෙලා හිටියේ. ඒත් අපිට මෙතැනදි කර කියා ගන්න දෙයක් නැති වුණා. හැබැයි අපිට බාර දීපු වැඩේ අපි අකුරටම ඉටු කළා”ප්‍රදීප් මෙලෙස සිය කතාව අවසන් කළේය.
ඔවුන් තංගල්ල ධීවර වරායට එන විට ඔවුන්ම හදුනන මැරුණු ධීවරයන්ගේ දරු පැටව් හඬමින් ඔවුන්වද බදාගත්තේ ඔවුන්ගේ දරදඬු සිත් හඩවමිනි.
“කෝ මාමේ තාත්තා” කියලා අසන විට ඔවුනට පෙන්නන්නට සිදුවූයේ අයිස් පෙට්ටියක බහා තිබූ පොලිතින් බෑග්ය.
දින තුනක ගතේ වේදනාව මෙම දරුණු වේදනාව හමුවේ සල්ලං විය.
මළ සිරුරු ගොඩබිමට රැගෙන ඒමට කිසිවකු ඉදිරිපත් නොවූ මොහොතක ඩෙවෝන් දෙක යාත්‍රාවේ පැදිකරු එසේත් නැති නම් ස්කීපර්වරයා මෙම අභියෝගය භාර ගත්තේ මෙවැනිම වූ අත්දැකීමක් මීට මාස හතරකට ඉහත ලැබීමේ පන්නරයක් සමඟය.
මීට මාස හතරකට ඉහතදී “ශානුක පුතා” නම් ධීවර යාත්‍රාවක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී විදෙස් නෞකාවක් සමඟ ගැටීමෙන් අනතුරකට පත්වෙයි. ඇත්තෙන්ම එය සිදුවන්නේ මෙම බහුදින ධීවර යාත්‍රාවේ සද්දන්ත වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමය. එම ගැටීමෙන් ශානුක පුතා නම් බහු දින ධීවර යාත්‍රාවට විශාල හානියක්් සිදුවිය. එහි එන්ජින් පවා සුනුවිසුනු වී ගොස් තිබූ අතර එය ගොඩට ගෙන ඒමේ වගකීමද එදා ගත්තේ අප කතානායකයාය.
එම අනතුරෙන් තුවාල ලැබූවන් සමඟ ත්‍රිකුණාමල වරායට එම යාත්‍රාව ඇදගෙන ඒමේ සුවිසල් කාර්යය ඔහු ඉෂ්ට සිද්ධ කළේ නාවික පුහුණුවක් ලැබූ අයකු පරිද්දෙනි.
වසර ගණනාවක ඉඳන් මුහුදු ගියාට මැරුණු ධීවරයන් රැගත් යාත්‍රාවක් ගොඩට ඇදගෙන එන්නට මම හීනෙකින්වත් හිතුවේ නැහැ. අනෙක මේ ධීවරයෝ අපේම යාළුවෝ. අපේ අනෙක් බෝට්ටුව තමයි මේ අනතුරකට ලක්වුණේ.”
වෙනත් රටක මෙවැනි වීර ක්‍රියාවකට හවුල් වූයේ නම් ඔවුන්ට අදාළ රාජ්‍ය ආයතනවලින් සම්මාන පිට සම්මානය. තෑගි පිට තෑගිය. නමුත් නාවික හමුදා කාර්යයද අකුරට ඉටු කළ මෙම ධීවරයන් ගැන කිසිදු කතාවක් හෝ ඔවුන් පිළිබඳ ඇගයීමක් බලය කරවන කිසිදු බලධාරියෙක් කනකටවත් ගෙන නැත. ඔවුන්ගේ දෙසවන් මේ අවස්ථාවේ වැසී ඇත්තේ මේ වීර කමක්වත් යැයි ඔවුනට වැටහෙන්නේ නැති නිසාය. අපට ඇත්තේ එවැනි බලධාරීන්ය.
ලියුම්කරු මේ ලියමන ලිව්වේද මෙම වීරයන් ඇගයීම වෙනුවෙනි. අවසානයේ මෙම කඩදාසි කැබැල්ල හෝ ඔවුනට ඉතුරු වේ යැයි අපි සිතමු.
මහ සාගරයක් මැද මාස එකහමාරක පමණ කාලයක් නැති නම් මාස දෙකකට ආසන්න කාලයක් ඔවුනට ජීවත් වීමට සිදුවේ. මේ නිසාම ධීවර ගමනට කල් තියා ඔවුන් ලකලෑස්ති වන්නේ මෙලෙසය.
සාමාන්‍යයෙන් වචනයට කියනවා නම් ලුණු පොල් කට්ටේ සිට ඔවුන් සිය බහුදින ධීවර යාත්‍රාවට දමා ගනී. ඒ විතරක් නොව කුකුළු මස්, හරක් මස්, උෟරු මස් ආදියද ඔවුන්ගේ රුචිකත්වය මත ඔවුන් යාත්‍රාව වෙත දමා ගනී. ක්ෂණික ආහාර වේල් කිහිපයක්ද ඔවුන් සූදානම් කරගන්නා අතර මිදි, ඇපල්, ෙදාඩම් වැනි පලතුරු වර්ගද ඔවුන් මේ සඳහා දමා ගන්නේ තරු පහේ හෝටලයක වගේ ධීවර යාත්‍රාවේ ගත කිරීමට නොව මෙම මාස එකහමාරක පමණ කාලය තුළ කුසගින්න විවිධාකාරයෙන් නිවා ගැනීම සඳහාය. ඔවුන් මේ අතරට ලොකු සිලින්ඩර් දෙකක් පමණ දමා ගන්නේ ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීම සඳහාය.
මේ අතරට පොල් ගෙඩි එකසියපනහක්, හාල් කිලෝ එකසියතිහක්, පරිප්පු කිලෝ දහයක් වාගේම පානීය ජලය ලීටර් පන්සීයක් පමණ ඔවුන් දමා ගනී. ඔවුන්ගේ ඉවුම් පිහුම් කටයුතු ආදී වෙනත් කාරණා සඳහා තවත් ජල ලීටර් 2,500ක් පමණ වෙනත් ටැංකියකට ඔවුන් පටවා ගනී. ප්‍රථමාධාර පෙට්ටියක්ද මේ අතර වේ. ඒ වගේම ධීවරයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරිදි ඔවුන්, ඔවුනට අවශ්‍ය සියලුම ඔෟෂධ වර්ග රැගෙන යෑමට කටයුතු කරයි. මේ අතර මත්පැන් බෝතලයක් දෙකක්ද ඇතැම් ධීවරයන් දමා ගන්නේ මුහුදු ජීවිතයේ කාන්සිය, විඩාව නිවා ගැනීම සඳහාය.
ඇතැම් ධීවරයන් සින්දුවක් දෙකක් කීම සඳහා ඩොල්කි, දරබක් වැනි සංගීත භාණ්ඩද දමා ගනියි. කොට්ට – මෙට්ට – පැදුරු සේරම ඔවුන් මේ සඳහා ලකලෑස්ති කර ගනියි. මේ එක්තරා චාරිකාවකි. මෙම චාරිකාව නිමා වන්නේ කෙලෙසදැයි නොදැන ඔවුහු මෙම චාරිකාව සඳහා එක් වෙති.
ඇතැම් ධීවර යාත්‍රාවල අයිස් කිලෝ 250 හා 400 ආදී ප්‍රමාණයන් රැගෙන යන්නේ ඔවුනට ඒ සඳහා ඇති මාළු දමන ටැංකි ගණනට අනුවය.
ඇතැම් බහුදින ධීවර යාත්‍රාවල ෙදාළහේ ගැඹුරින් යුතු ටැංකි ගෙන යන්නේ මාළු දැමීම සඳහාය. එවැනි ටැංකි හතරක්වත් අවම වශයෙන් එහි ඇත. ඉන් එක් ටැංකියක් සඳහා ඔවුන් පුරවන්නේ අයිස් කැටය.
ඩෙවෝන් 05ද සිය අවසන් ගමන ලකලෑස්ති කරන්නට ඇත්තේ මෙලෙසය. අවම රුපියල් ලක්ෂ පනහක පමණ මුදලක් මුහුදු ගමන වෙනුවෙන් වැය කර සල්ලි සොයා ගිය මෙම ධීවරයන්ට අවසානයේ සිදුවූයේ පොලිතීන් මලුවල ඇසිරී නිසොල්මන්ව ගොඩබිමට පැමිණීමටය. මේ මිනිස් ජීවිතවල ඇස්තමේන්තුව අපට ඔබට සෑදිය නොහැකිය.
චාමර අමරසූරිය