ඉන්දීය සුප්‍රකට ධනවතෙකු වන මුකේශ් අම්බානිගේ පුත් ආනන්ද අම්බාන සහ රාධිකා මර්චන්ට්ගේ තෙදින විවාහ මංගල උත්සවය අද ආරම්භ වුණා..
යුගයේ වැඩිම පිරිවැයක් දරූ මෙම විවාහ මංගල උත්සවය ඉන්දීය සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිදුවනවා..
ඒ මුම්බායි ජියෝ ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී..ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම විවාහ මංගල්‍යයට ඉන්දීය රුපියල් කෝටි පන්දහසක් වැය වනවා.. එය අම්බාණි පවුලේ මුළු ධනයෙන් 0.05% වීමද විශේෂත්වයක්..
හින්දු නක්‍ෂත්‍ර ක්‍රමවේදයට අනුව සිදුකෙරෙන මෙම විවාහ මංගල්‍යයේ චාරිත්‍ර අද ආරම්භ වුණා.. ලෝකයේ දැඩි කතාබහට ලක්වුණු මෙම විවාහ මංගල උත්සවයට bollywood, hollywood තරු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයින් සහ දේශපාලඥයින්ටද ඇරයුම් ලැබී තිබුණා..
එසේම අමෙරිකානු නිළියක් සහ නිවේදිකාවක් වන කිම් කඩාශියන්ද මේ වන විට මුම්බායි වෙත ළඟවී තිබුණා.. මෙම උත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරුන් වන බෝරිස් ජොන්සන් සහ ටෝනි බ්ලෙයාද ඉන්දියාවට පැමිණ තිබුණා..