තායිලන්ත ජාතිකයින් 64 දෙනෙකු ඇතුළු විදේශිකයන් 88 දෙනෙකු මැලේසියානු ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Ipoh නගරයේ ස්ථාන තුනක ලිංගික ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා සිදු කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
අඟහරුවාදා සහ බදාදා ලිංගික සේවා සපයන බවට සැක කෙරෙන හෝටලයක සහ විනෝදාස්වාද ස්ථාන දෙකක මෙම වැටලීම සිදු කර තිබෙනවා.
ආගමන දෙපාර්තමේන්තුව පැවසුවේ රැඳවියන් වයස අවුරුදු 21 ත් 46 ත් අතර වයස්වල පසුවන කාන්තාවන් 78 ක් සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු බවයි.
අත්අඩංගුවට ගත් පිරිසෙන් 64 දෙනෙක් තායි ජාතිකයෝ වෙනවා.
එමෙන්ම ඒ අතර වියට්නාම ජාතිකයන් 13 දෙනෙක්, නේපාල ජාතිකයන් හතර දෙනෙක්, ඉන්දියානුවන් තිදෙනෙක්, බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙක් සහ එක් ශ්‍රී ලාංකිකයෙක් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.