Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
11
ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් මෙලොවින් සමුගත් , මේ දිනවල සමාජ ජාලා හී නැවතත් කතාබහට ලක් වෙන කවීෂා අයේෂානිගේ කතාව

- ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් මෙලොවින් සමුගත් , මේ දිනවල සමාජ ජාලා හී නැවතත් කතාබහට ලක් වෙන කවීෂා අයේෂානිගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57 Views
කවීෂා අයේෂානී..ඔබට ඇයව අමතක ඇති.

මේ දිනවල ඇය සම්බන්ධ වීඩියෝපට සමාජ ජාලා තුල දැක ගැනීමටත් ඔබට අවස්ථාව ලැබෙන්න ඇති.නැගී එන නිළියක ලෙස ක්ෂේත්‍රය තුල නමක් දිනා ගෙන සිටි ඇයට රසිකයින් බොහෝ පිරිසක් ආදරය කළා.2016 ඔක්තෝම්බර් මස 16 වැනිදා ඇය පැදවූ මෝටර් රථය පාලනය කර ගත නොහැකිව අනතුරට ලක් වී මිය ගිය බවට එවකට පුවත් පළ වී තිබුණා.කෙසේ නමුත් ඇය සම්බන්ධව බොහෝ කටකතා එවක පැතිරුණා.බොහෝ දෙනෙක් පැවසුවේ ඇයගේ මරණය සම්බන්ධව සැකයක් පවතින බවටයි.කෙසේ කොහොම සිදු වූවත් ඇය සම්බන්ධව නැවතත් කතාබහක් සමාජ ජාලා තුල ඇතිව තිබෙනවා.

මේ ඇය සම්බන්ධව ඇගේ මරණයෙන් පසු ඇගේ හිතවතකු විසින් ෆේස්බුක් ගිණුමේ එවක තබා තිබූ සටහනක්.

.......................මතක සජ්ඣායනාව.....................................
සිය ප්‍රාණ සම සොයුරාගේ අකල් වියෝගයෙන් උපන් දුකත් නිළියක විමේ පැතුම් කන්දරාවත් හිත දරාගෙන වසර හත අටකට පෙර කොළඹ නගරයට සේන්දු වූ ඈ මෙහි ගත ගතකලේ අතිශය සුඛෝබභෝගී ජීවිතයක් නොවේ..
කර්කශ කොළඹ ජීවිතය හා ඔට්ටු වූ මුල් අවදියේ පුංචි ස්කූටරයක නැගි ගමන් බිමන් යමින් දවසට තුන් හාර දහසේ වැටුපට ටෙලි නාට්‍යවල රඟපාමින් වෙළද දැන්වීම් වේදිකා නාට්‍ය ඇතුඵ සකලවිද කලා මාධ්‍ය වලට සහභාගී වෙමින් ඉතිරි කරගත් මුදලට නෑසියන්ගේ මුදල් ද දමා ඈ ඔය අවසන් ගමන ගිය නිසාන් මාර්ච් කාරය ගෙවිමේ පදනම මත මිලදි ගත් හැටි දන්නේ අප ය..
එතැන් පටන් ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ගමනක් යමින් සිටින අතරතුර උපයා ගත් මුදලින් දුගී මගි අයට ගමේ නෑයින්ට උදව් පදව් කල අයුරු - ගමේ පාසැලට ප්‍රින්ටර්ස් වැනි පරිගනක උපාංග ගෙනගොස් දුන් අයුරැ - තෑගි බෝග කද මළු බැඳගෙන ගමේ වැඩිහිටියන් බලන්නට ඈ ආ ගිය අයු ද ඉතා හොදින් දන්නේ අප ය..
ඇගේ නෑදෑ සනුහරේ බොහෝ පිරිසක් ගැවසෙන ඩුබායි රටේ සංචාරයට ගොසින් එන හැම අවස්ථාවකදි ම ඈ තම හිත මිතුරු සැමට ටොපි චොකලට් සුවද විලවුන් ඔර්ලෝසු වැනි තෑගි බෝග රැගෙන විත් බෙදා දුන් බව දන්නේ අප ය.වෙනකත් තබා ඇගේ මෝටර් රථය සේදිමට දමන ස්ථානයේ සේවය කරන සේවක තරැණයන් ට පවා ඈ බොහෝ උදව් පදව් කර ඇති බව ඔවුන් කොළඹ සිට කිරිඳිවැල ඇගේ නිවසට පැමිණ මා හා පැවසුවේ හැඩු කඳුලින් යුතුව ය..ඈ ගැන වැයෙන එහෙව් ගුන ගැයුම් දන්නේ ද අප ය..
බෝධි පූජා - කඨින පින්කම් - ලේ දන්දිම් - රෝහල් වලට උදව් කිරීම් - විශේසයෙන් ම පසුගිය මහා ගංවතුර අවස්ථාවේදී අසරණ වූ මිනිස්සුන්ට උදව් කිරීම වැනි මහත්ඵල මහා ආනිසංස ලැබෙන පින්කම් ඈ විසින් සිදුකල ඇති බව දන්නේ අප ය..
ඇගේ අකල් වියෝව ආරංචි වූ මොහොතේ දි ම ඈත් ඇගේ අනෙක් සොයුරාත් විසූ ඇඹුල්දෙනිය නිවසට එක් රොක් වූ ඇගේ හිත මිතුරන් 22 උදෑසන වූ ඇගේ හත්දොහේ දානය තෙක්ම ඈ අත නොහැර ඈ සමගින් ම රැදි සිටියේ ඈ සතුව තිබූ අන්න ඒ මනුස්සකමට හිලව් වන්නට ය..ඒ මළ ගෙදරට ඇගේ කිසිම මිතුරෙක් හෝ මිතුරියක් එක දමා යන්නට - මූණ පෙන්වා යන්නට ආවේ නැත..ඒ ඈ වටා සිටිය අය ඇගේ මනුස්සකම හොඳ හැටි ම දැකගෙන තිබුණු නිසාවෙනි..ඒ - ඒ සැමට ඇයව අතහැර දමා යන්නට තිබූ ලෝබ කම නිසාවෙනි...
ඈ ඒ තරම් ම හිත හොද මිතුරියකි..සොයුරියකි..හිතවතියකි...ඥාතිවරියකි..දියණියකි.
කුරා කූඹියෙකුට වත් වරදක් කර නැති යුවතියකි..
මේ කෙටි සටහන ඇගේ හොද නමට පිදෙන උත්තමාචාරයක් වේවා
.................... ඉතින් ගිහින් එන්න කවීෂා.....................

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top