මේ කියන්න යන්නේ අද දවසේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුව ඇති වෙනස්කම ගැනයි..
ශ්‍රි ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299ක් ලෙස සටහන්ව තිබුණා...
එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 308 යි ශත 34ක් ලෙසයි...
ස්ටර්ලින් පවුමක ගැනුම් ම්ල රුපියල් 383ක් ලෙස සටහන්ව තිබූ අතර එහි ගැණුම් මිල රුපියල් 398යි ශත 12ක් ලෙස සටහන්ව තිබෙනවා...
පසුගිය පස්වන දිනෙන් අවසන් වු සතිය තුළ සියලුම වාණිජ බැංකුවල සාමාන්‍ය බර තැබූ මූලික ණය අනුපාතය සියයට 9 යි 0 යි දශම 4ක්...