සමහර වෙලාවට කාන්තාවන් සමාජයේ සීමා කරනවා.. ඒ ඔයාට ඕක කරන්න නම් බෑ කියලා.. ඒත් ඒ කතා අද වෙනකොට අසත්‍ය වෙලා..
මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්.. නයෝමි අමරසිංහ, ඇය කවුද..? ඇය විශේෂ වෙන්නේ ඇයි..? මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු නාවික කත බවට පත්වෙන්නට නයෝමිට පුළුවන් වෙලා..
ඇය මේ තරම් විශේෂ වෙන්නේ මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත නිසායි.. ඇය මගී ප්‍රවාහන නෞකාවක සේවය වෙනුවෙන් ‘ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත’ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා..
ඇය මේ වන විට තිස් හැවිරිදි වියේ පසුවන අතර, ගාල්ලේ උපත ලබා ඇති නයෝමි උසස් පෙළ තෙක් ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබා තිබෙනවා.. බීබීසී සිංහල සේවයට ඇය අදහස් දක්වමින් කියා සිටියේ මෙන්න මේ වගේ කතාවක්...
“මගේ අම්මා මේකට මුලින් කැමති වුණේ නෑ. මගේ අයියාත් නාවික හමුදාවේ හිටියේ. එයත් නැවක වැඩ කරලා තියෙනවා. එයා නම් කැමති වුණා. ඒත් කෙල්ලෙකුට මේ රස්සාව හරියන්නෙ නෑ කියලා අම්මා විරුද්ධ වුණා. ඒත් මම දැන් ඉන්න තැන ගැන හිතලා අම්මා ගොඩක් සතුටු වෙනවා”