පියුමි හංසමාලි සම්බන්ධයෙන් පුවත් පසුගිය කාලයේ බොහෝ වාර්තා වුණා.
මේ කියන්නේ ඇය සම්බන්ධයෙන් වාර්තා වෙන නවතම පුවත ගැන.
තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය සිදු කරන විමර්ශන අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිණියකවන පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත නොවන බවත්, ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත්, එම පෙත්සමේ සඳහන්.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ තමන්ට එරෙහිව පවතින නඩු ගොනුව කැඳවා විමර්ශනයක් සිදු කරන ලෙසයි ඇය අභියාචනාධිකරනයෙන් ඉල්ලා ඇත්තේ.