අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්ත ) නැමැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි වාර්තා වෙනවා.
මැණික් විජේවර්ධන අද උදෑසන අතුරුගිරිය හන්දිය ආසන්නයේ විවෘත කිරීමට නියමිත රූපලාවණ්‍යාගාරයකට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් මෙසේ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කෙරුණා.
පසුව ඇය ශල්‍යකර්මයක් සඳහා යොමු කොට ප්‍රතිකාර ලබමින් සිටියදී කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යවා එති බව සදහන්.
වෙඩි තැබීමෙන් කොළඹ 07 වෝර්ඩ් ප්ලේස් අංක 02 / සී හි පදිංචි රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් (ක්ලබ් වසන්ත )(55) හා අතුරුගිරිය රතුවිලවත්ත පදිංචි විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේසුරිය (37) හැවිරිදි දෙදෙනකු මියගොස් තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.