මේ කියන කතාව සමහරවිට ඔබට විශ්වාස කරන්නත් බැරුව ඇති.. මොකද අම්මලා දූලා මේ වගේ ජාවරම් කරයි කියලා කවුද හිතන්නේ..
ජංගම දුරකථන සහ විදුලි උපකරණ සොරකම් කිරිමේ ජාවාරමක නිරත වූ එකම පවුලේ මවක් සහ දියණියක් සැකපිට දඹුල්ල නගරයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා...
ගලේවෙල ප්‍රදේශයේ පදිංචි මවක් සහ දියණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ..
ප්‍රධාන නගර වල පිහිටි ජංගම දුරකථන සහ විදුලි උපකරණ අලෙවිසැල් වෙත ගොස් ඔවුන් දෙදෙනා මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙනවා..
කෙසේ වෙතත් අද දිනයේදී දඹුල්ල නගරයේ ජංගම දුරකතන අලෙවි සැලකට ගොස් ජංගම දුරකතනයක් සොරකම් කිරීමට ගිය අවස්ථාවේ දී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ..